කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
ඉමදුව ප්‍රාදේශීය සභාවට තරඟකරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුට සහ ඔහුගේ ආධාර කරුවෙකුට එක්සත් ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයෙක් සහ තවත් දෙදෙනෙක් ඊයේ (26) රාත්‍රී 10 ට පමණ සිදුකල පහරදීමක් සම්බන්ධයෙන් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ආධාර කරුවෙක් අද (27) අළුයම සැකපිට අත් අඩංගුවට ගත් බව ඉමදුව පොලීසිය කියයි.
මෙම පහරදීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ආධාරකරුවෙක් ඉමදුව දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇත.
පොලීසිය පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ඔහුගේ ආධාරකරුවා සිය නිවසට යතුරු පැදියෙන් රැගෙන යමින් සිටියදී කෝදාගොඩ තාරමුල්ල මාර්ගයේදී එක්සත් ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයා සහ තවත් දෙදෙනෙක් මාර්ගය හරස් කොට එම යතුරු පැදිය නවතා මෙම පහර දීම සිදුකර ඇති බව පැමිනිල්ලේ සඳහන් වන බවයි.
සිද්ධියට සම්බන්ධ අනෙක් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයා සහ තවත් පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පෙරමුණු වැඩිවීමෙන් ගැටුම්
laksman Sunday, 28 January 2018 07:19 AM
සුද්දෝ අපිට පක්ෂ දේශපාලනයක් දුන්නේ බල ලෝභීව පක්ෂ වැඩිවෙලා ගැටුම් ඇති කරගෙන රට විනාශ වන බව දන්න නිසා.......