IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කල්පිටිය එජාප සංවිධායකගෙන් පැමිණිල්ලක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

යතුරු පැදිවලින් පැමිණි මුස්ලිම් කොන්ග්‍රස්  ආධාරකරුවන් දෙදෙනකු මුන්දලම කනමුල්ල ප්‍රදේශයේදි තමන්ට තර්ජනය කළ බව කල්පිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා මුන්දලම පොලිසියට පැමිණිලි කර තිබේ .

කල්පිටිය එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක එම් .එන්.එච් . නස්මි මහතා මෙසේ මුන්දලම පොලිසියට පැමිණිලි කර ඇත්තේ  තමන් එජාපයෙන් තරග වදින අපේක්ෂකයකුගේ රැස්විමක් අමතා එමින් සිටියදි මුස්ලිම් කොන්ග්‍රස් ආධාරකරුවන් දෙදෙනෙකු පොලු  මුගුරු සහිතව යතුරු පැදිවලින්  පැන්නූ බවයි.

තමන්ට කිසියම් පහර දිමක් හෝ වෙනත් අපරාධයක් කරන්නට මොවුන් පැමිණි බවත් තම රියදුරාට මෝටර් රථය අධික වේගයෙන් ධාවන කිරිමට උපදෙස් ලබා දි කෙලින්ම මුන්දලම පොලිසියට පැමිණි බවත් ඔහු පවසා තිබේ.

කෙසේ නමුත් යතුරු පැදිවලින් පැමිණි දෙදෙනා ද මුන්දලම පොලිසියට පැමිණිලි කර තිබුණේ තමන් සතුව පිස්තොලයක් ඇති බවත් නටාගෙන ආවෙත් වෙඩි තබා මරා දමන බවටත් කල්පිටිය සංවිධායකවරයා   තමන්ට දුරකථනයෙන්  පැවසු බවයි.



අදහස් (0)

කල්පිටිය එජාප සංවිධායකගෙන් පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site