(ජුඩ් සමන්ත)
මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකුගේ නමින් මුහුණු පොතේ ව්‍යාජ පිටුවක් සකස් කර විවිධ අදහස් පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන වෙන්නප්පුව පොලීසිය මැතිවරණ අපේක්ෂිකාවක කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින තම පියාගේ නමින් වැරදි ප්‍රවෘත්ති මුදා හරින බව වෙන්නප්පුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක රුක්මන් ප්‍රනාන්දු මහතා වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක් කර තිබිණි.
එම පැමිණිල්ල අනුව විමර්ශන කටයුතු කර ඇති පොලීසිය මෙවර මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂිකාවක කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
තමන් අදාළ අපේක්ෂකයා ළග වසර කීපයක් සේවය කර ඇති නමුත් මෙවැනි කටයුත්තක් නොකළ බවත් මේ සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණයක් පවත්වා සාධාරණයක් ලබා දෙන ලෙසත් අදාළ අපේක්ෂිකාව පොලීසියෙන් ඉල්ලීමක් කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අපේක්ෂකයකුගේ නමින් මුහුණු පොතේ හොර පිටුවක්