IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම දැරිය නොහැකි පාඩුවක්

‘‘ආදර්ශවත් සරල දිවිපෙවතක් ගතකළ දවුල්දෙණ ඤාණිස්සර මහ නාහිමියන් ගිහිxපැවිදි සියලූ දෙනාගේ ආදර ගෞරවයට පාත‍්‍ර විණැයි’’ කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

 කතානායක කරු ජයසුරිය මහතා නිකුත් කළ ශෝක පණිවුඩයේ මෙසේ සඳහන්ය.

නූතන භික්‍ෂුවංශාවලිය අතිශයින්ම ශෝභමාන කළ පුරා ශතවර්ෂාධික කාලයක් ස්වකීය පින්බර පූජනීය දිවි පෙවෙත ශාසනාභිවෘද්ධියත් ලෝක සත්ත්වයාගේ හිත සුව පිණිසත් කැප කළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක සාහිත්‍යශූරි, සාහිත්‍ය චක‍්‍රවර්ති, භාෂාන්තර විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජනීය ශ්‍රී දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමිපාණන්වහන්සේගේ අපවත්වීම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම දැරිය නොහැකි පාඩුවකි. ශීලයෙන් අගතැන්පත් ධර්මධර විනයධර පරමාදර්ශී මහා තෙර නමක් වූ අප නාහිමියෝ පාණ්ඩිත්වයෙන් අද්විතීය වූහ.

‘‘චරථ භික්ඛවේ චාරිකං’’ ‘‘බහුජන හීතාය බහුජන සුඛාය’’ යන බුදු වදනට අනුව අනලස්ව ලෝකයේ විවිධ ප‍්‍රදේශවලට වැඩම කරමින් ශාසනික මෙහෙවරෙහි යෙදුණු අප නාහිමියෝ ස්වකීය කීර්ති කදම්භය දේශ දේශාන්තරයන්හිද  පැතිර වූහ. විශේෂයෙන්ම ධර්ම  ග‍්‍රන්ථකරණය උන්වහන්සේගේ පාණ්ඩිත්‍ය ඔප් නැංවූ අතර සංස්කෘත භාෂා දැනුමෙහි උන්වහන්සේ හා සම කළ අන් පඬිවරයෙකු අප යුගයෙහි දක්නට නොවූහ. සංස්කෘත චක‍්‍රවර්තී, ග‍්‍රන්ථ විශාරද, භාෂාන්තර විශාරද, ජින ශාසන කීර්ති, ශ්‍රී සද්ධර්ම ජෝතික ධජ ආදී සම්මානයන්ට පාත‍්‍ර වූ උන්වහන්සේ බහුශ‍්‍රැතභාවයෙන්  සසුන්කෙත බැබළවූහ.

 උන්වහන්සේගේ පුරෝගාමීත්වයෙන් වෙහෙර විහාරස්ථාන සහ ධර්මාධ්‍යාපන ආයතන රැසක් ස්ථාපනය කෙරුණු අතර අප නාහිමියෝ ඒ සියල්ලෙහි වගකීම් ස්වකීය ශිෂ්‍යානු ශිෂ්‍ය පිරිසට භාර කර ශාසනික සේවයෙහිම යෙදුණහ.

ආදර්ශවත් සරල දිවි පෙවෙතක් ගත කළ උන්වහන්සේ තුළ  තිබූ ප‍්‍රසන්න බවත්, නිහතමානී ගුණයත්, පරිත්‍යාගශීලීත්වයත් නිසාම ගිහි පැවිදි සියලූ දෙනාගේම ආදර ගෞරවයට නිරන්තරයෙන් ලක්වූහ.

විශේෂයෙන්ම ත්‍රෛනිකායික නායක ස්වාමීන්වහන්සේලා සමග ඉතාම සුහදව කටයුතු කරමින් සංඝ සාමගි‍්‍රය වර්ධනය කර ගැනීම සඳහා උන්වහන්සේ දැක්වූ දායකත්වය සුළුපටු නොවේ. උන්වහන්සේ ස්වකීය පරම පූජනීය දිවි පෙවෙත නිමා කරමින් දැයෙන් සමුගන්නා මේ මොහොතේ මෙවන් කෙටි සටහනක් එම ශ්‍රේෂ්ඨ චරිතාපදානය ඇගයීමට ප‍්‍රමාණවත් නොවුනද අප නාහිමියන්ගේ අපවත්වීම පිළිබඳව මාගේ බලවත් සංවේගය මෙයින් ප‍්‍රකාශ කරමි.  



අදහස් (0)

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම දැරිය නොහැකි පාඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 266 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site