කේ බුද්ධික කුමාරසිරි
හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකින් භාණ්ඩ මිලදී ගැනීමේදී රුපියල් මිලියන 23 ක මුදල් වංචාවක් සිදු කළ බව කියන පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයකු ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා අද නියෝග කළේය.
එලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගගඉහළ පත්තුව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය තමයි දේශපාලනේට ගැලපෙන්නේ!
ඉතින් අපිට මොකෝ !
රනිල් සහ රවි මීට සම්බන්ධ නැහැ. මන්ද ඔවුන් සම්බන්ධ වුණා නම් අර්ජුන් මහේන්ද්‍රන්ගේ වාර්තාව බිඳෙනවා...
මෙහෙම නොවන අය කීදෙනෙක් අද දේශපාලනය කරනවද කියන්න.එය 0 ද?
ඉතාම පහසු දෙයක් තමයි ඡන්ද අපේක්ෂකයන්ට නාම යෝජනා වලට පෙර පොලිස් වාර්තාවක් අරගෙන එන්න කියන එක. ඉතින් මේක කරන්නේ නැත්තේ මොනම පක්ෂයකටවත් පිරිසිදු දේශපාලනක් ඕන නැති නිසා.
පොඩ්ඩක් ඉවසලා ඉන්න කියන්න. මෙයා ප්‍රාදේශීය සභාවට තේරුණාට පස්සේ සුරුගාලා ඔයා ගැන හොයලා දේවි! පොලියත් එක්ක !!!
මුන් පටන්ගන්නෙම හොරකමෙන් නොදකින් කාලකන්නි තොපිට නොවේ වැඩිපුර බනින්නේ තොපේ දෙමෞපියන්ටි
හොරුනම් ඉතින් යු.ඇන්.පි තමයි. හොරුත් දැක්කා මෙවන් හොරු නොදැක්කා.
අපේ පුතා නොදැනුවත් කමින් හෝ කොළ පාටට කියෙන්නේ 'හොර පාට' කියල!