IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පැරීසියේ සිංහල අවුරුදු උළෙල මහ ඉහළින්

(සුනිල් ආනන්ද පැරිසියේ සිට )
 
පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරස්ථානයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල මෙවරත් අප්‍රේල් 16 වැනි ඉරුදින විහාරස්ථානයට නුදුරින් පිහිටි  ලාකුරනව් ඩෙලානු  ක‍්‍රීඩාංගනයේ දි ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත් වුයේය. පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් සිරිත් පරිදි එදින උදේ 10 ට ප‍්‍රංශ ශ්‍රී ලංකා ජාතික ධජයන් එසවීමෙන් ද සිංහල අලූත් අවුරුදු චරිත‍්‍රානුකුලව හිසතෙල් ගෑමෙන් දෙමාපියන්ට හා ගුරුවරුන්ට බුලත් හුරුලූ පිළිගැන්වීමෙන් හා අවුරුදු සංග‍්‍රහ වලින් පසු උත්සවයේ කටයුතු ආරම්භ වුයේය . 
 
ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විශාල ප‍්‍රමාණයක් සහභාගි වන මෙම බක්මහ උළෙල කුඩා දු දරුවන් සඳහා විශේෂ තරඟ වලින් සමන්විත වුයේය. කණා මුට්ටිය බිඳීම, කඹ ඇදීම, සංගීත පුටු තරගය කාගෙත් ඔල්වරසන් හඬ මැද්දේ සිදු කළේය. සිඟිති කුමරු කුමරියන් සඳහා දහම් පාසැලේ දු දරුවන් බොහොමයක් සහභාගි වුයේය.
 
පැරීසියේ තිසරාවී රංඟ කලායතනයේ දු දරුවන්ගේ අළංකාර නර්තන වලින් සංස්කෘතික ප‍්‍රසංගයේ බක්මහ වේදිකාව වර්ණවත් වුනි. පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමි, ලා බුර්ජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන හිමි, පැරිස් ජේතවනාරාමයේ විහාරාධිපති ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥාණිස්සර හිමි, පැරිස් කතෝලික දේවස්ථානයේ නිලන්ත පියතුමා, ඇතුලූ  ගෞරවණීය අමුත්තෝ  රැසක් සංස්කෘතික ප්‍රසංගයට සහභාගී වුහ.



අදහස් (0)

පැරීසියේ සිංහල අවුරුදු උළෙල මහ ඉහළින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 68 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 863 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site