අමල් වික්‍රමරත්න
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පසුගිය 9 වැනිදා පෙරවරු 6 සිට අද(18) පෙරවරු 6 දක්වා එම පැමිණිලි ලැබී ඇති බව පැවසේ.
ආසන්නතම සිදුවීම ඊයේ(17) පස්වරු 04.20ට පමණ හොරණ පොලිස් වසමේ පොකුණුවිට ප්‍රදේශයෙන් වාර්තාවූ බව පොලිසිය පවසයි.
එහිදි එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් හොරණ ප්‍රාදේශීය සභාවට තරග වදින අපේක්ෂකයන්ගේ නාමයෝජනා ලිපි ගොනුව පැහැර ගැනීමක් සිදුවූ බව පොලිසිය සඳහන් කරයි.
ඊට අදාළ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්තඩන්ගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පුංචි ඡන්දයේ පැමිණිලි 7ක්