
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය ( හදිසි තත්වය දීර්ඝ කිරීම) පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ වැඩි ඡන්ද 139කින් සම්මත විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 145ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 06 ක් පමණි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරු යෝජනාවට පක්ෂවද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්රකාශ කළහ.
මන්ත්රී ජීජී පොන්නම්බලම් මහතා යෝජනා සම්මතයට බෙදීමක් ඇතැයි ප්රකාශ කළේය. ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.
හදිසි තත්වය පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වුහ.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදාව කළමනාකරණය සඳහා මෙම හදිසි තත්වය රජය විසින් ප්රකාශයට පත් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd