(සුජිත් හේවාජුලිගේ )
බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්ණ තොරතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබන සතියේදී ඉදිරිපත් කෙරේ.
බාල බෙහෙත්, හදිසි ඖෂධ මිලදී ගැනීම් ඇතුළු කටයුතු සම්බන්ධයෙන් විශේෂයෙන් සකස් කෙරුණු විගණන වාර්තාවෙන් මෙම ආන්දෝලනාත්මක කරුණු හෙළිදරව් කිරීම කෙරෙන බව ජාතික විගණන කාර්යාලය පැවසීය.
මෙම විශේෂ විගණන වාර්තාව දැනටමත් සකස් කර අවසන්වී ඇත.
රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතාගේ විශේෂ උපදෙස් මත ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු කණ්ඩායම් කිහිපයක් වසරකට ආසන්න කාලයක් තිස්සේ මේ පිළිබඳව දීර්ඝව විමර්ශන පවත්වා මෙම වාර්තාව සකස් කළහ.
ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචි කිරීම සම්බන්ධ කරුණු රැසක්ද මෙම වාර්තාවෙන් හෙළිදරව් කෙරෙන බව දැන ගන්නට ඇත.
මෙම විගණන වාර්තාවෙන් හෙළිදරව් වන කරුණු පදනම් කරගෙන පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව ) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා ) ද ඉදිරි දිනවල වෙන වෙනම විමර්ශන පැවැත්වීමට නියමිතය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සෞඛ්‍ය ප්‍රධානීහු පිරිසක් මේවනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.
ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබියුලින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරිමේ සිද්ධිය පිළිබඳ නඩුව මාලිගාකන්ද අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. මෙම වංචාවෙන් රජයට සිදුවී ඇතැයි පැවසෙන පාඩුව කෝටි 110 කි.
ධාවන කාලසටහනක් මුල් කරගෙන ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ලංගම හා පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරු අතර ඇති වූ ගැටුමකින් අද (08) බණ්ඩාරවෙල ඩිපෝවේ
ත්‍රිවිධ හමුදාවන් තුළ සේවය කර විශ්‍රාමලත් හමුදා නිලධාරීන් සංචාරක වීසා මත රුසියාව සහ යුක්‍රේනය වෙත රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යෙදවීමේ මිනිස් ජාවාරමක
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අද (8) සමත් විය.
අද (08) සිටඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.
අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
ravin Saturday, 27 April 2024 10:14 AM
බොල බූරු පුතාලා... ඔබලා සෝක නොවී හිටපල්ලා. හෙට දිනයේදී අලුත් නමකින් වැඩ පටන් ගනිල්ලා.
DHARMATILEKE Saturday, 27 April 2024 03:19 PM
හැම දේකම හෙළිදරව් එළියට එනවා. පාස්කු ප්‍රහාරය ඇරෙන්න.