(සුජිත් හේවාජුලිගේ )

ඉහළ උසාවිවල විනිසුරුවරුන් පත් නොකිරීමෙන්  ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා පැවසීය.

ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම යනු ලොකු චෝදනාවක් බවද ඔහු සඳහන් කළේය.

ඉහළ උසාවිවල විනිසුරුවරුන් නොපිරවීම ඇත්ත වශයෙන්ම දූෂණයක් බව හෙතෙම සදහන් කළේය

කවුරුත් නොදන්න දෙයක් කැබිනට්ටුවට දමා අනුමත කරගෙන  ඇති බවත් මේ හදිසිය කුමක්දැයි තමාට නොතේරෙන බවත්  අමරසූරිය මහතා පැවසීය.

ඉහළ  උසාවි වල  විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ  යෝජනාව ගෙන ඒමට පෙර තම නියෝජිතයන්ගේ අදහස් විමසන්නේ යැයි  පැවසුවත් එයද  නොකළ බව ඔහු   සඳහන් කළේය.

ජනතාව මේ ආණ්ඩුව පත් කළේ  අනෙකුත් ආණ්ඩු දූෂිතයි කියන පදනම මත  සිට ගෙන බව පැවසූ හෙතෙම කවුරු එපා කිව්වත් ආණ්ඩුව  මෙම යෝජනාව   ක්‍රියාත්මක කිරීමට යන්නේ  කුමන හෝ වාසියක් බලාගෙන විය හැකි බවත්  හෙතෙම සදහන් කළේය.

අමරසූරිය මහතා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.