(සුජිත් හේවාජුලිගේ)

ගුවන් යානා සඳහා මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව  වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක  මහතාට අද (18) දැනුම්දී ඇත.

අමාත්‍යවරයා ගුවන් යානා ඉන්ධන සම්බන්ධයෙන් කළ විමසුමකදී සංස්ථා ප්‍රධානීන් මෙසේ දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් අප ඇමැති අනුර කරුණාතිලක  මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සංස්ථාව ඉදිරියේදී තවත් ගුවන් යානා ඉන්ධන (Jet Fuel) තොග ඇනවුම් කෙරෙනු ඇති බවයි.

එසේම වරායන්හි යාත්‍රා සඳහා අවශ්‍ය කෙරෙන ඉන්ධනද  (Bunker Fuel) දැනට ප්‍රමාණවත් පරිදි තිබෙන බව අමාත්‍යවරයා කීය.

පෞද්ගලික සමාගම් තුනකින් එම ඉන්ධන සපයන බව අමාත්‍යාංශය පවසයි.

වාරයන්හි කටයුතුද සාමාන්‍ය පරිදි කරගෙන යන බව කරුණාතිලක මහතා පැවැසීය