IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


’’ඒකාධිපති වැඩ වලට විරුද්ධව අපි එකට නැගිටිනවා’’

(අංජුල මහික වීරරත්න)

වර්තමානයේ පවතින සහ අනාගතයේදී එළැඹිය හැකි සියලු ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදී ක්‍රියාකාරකම් පරාජය කිරීම වෙනුවෙන් එකට සිට ගැනීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර සැමරුම සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වූ සියලුම පාර්ශව වෙත කෘතඥතාවය පළකර සිටීමට කැමැත්තෙමු. සැමරුම් උත්සවයට සහභාගී වූ මෙරට දේශපාලන පක්ෂ නායකයින්, ඔවුනගේ නියෝජිතයින්, බහුජන සංවිධාන ඇතුළු සියලු කණ්ඩායම්වලටද අපගේ ස්තූතිය පුද කෙරෙයි.

හැත්තෑ නව වැනි සැමරුමට සහභාගී වූ දේශපාලන පක්ෂ නායකයින්, ඔවුන්ගේ නියෝජිතයින් සහ අනිකුත් නායකයින් හැමදෙනෙකුම වාගේ අවධාරණය කළ කරුණ වූයේ පවතින අභියෝග හමුවේ එකට එකතු වී ක්‍රියා කිරීමේ වැදගත්කමය. 

මෙරට බහු පක්ෂ දේශපාලන ක්‍රමය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම සංවත්සර සැමරුමේදී අදහස් දැක්වූ නායකයෝ පෙන්වා දුන්හ. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයද එයම වන්නේය. 

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සැමරුමේදී එකඟතාවයට පැමිණි ආකාරයට වර්තමානයේ පවතින සහ අනාගතයේදී එළැඹිය හැකි සියලු ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදී ක්‍රියාකාරකම් පරාජය කිරීම වෙනුවෙන් එකට සිට ගැනීමට කටයුතු කරමු. එජාප සංවත්සර සැමරුමේදී එළැඹි ඒ වැදගත් ස්ථාවරය වෙනුවෙන් සියල්ලන්ම කැපවෙමු. 

 



අදහස් (10)

’’ඒකාධිපති වැඩ වලට විරුද්ධව අපි එකට නැගිටිනවා’’

උකුස්සා Sunday, 21 September 2025 02:10 PM

ඒ සුන්දර ඒකාධිපතියා රටට ගැම්මක්...

:       3       28

නිර්පාක්ෂික Sunday, 21 September 2025 02:32 PM

ජනතාවගේ ඡන්දෙන් බලයට ආපු දූෂිත දේසපාලුවෝ, ජනතාවගේ රීර්‍ර් මාන්ස හූරාගෙන කෑවා. ඔවුන් බලාපොරොත්තු වුනේ දූෂිත දේශපාලුවන්ට විරුද්ධව නීතීය ක්‍රියාත්මක කිරීමයි.

:       4       20

Srinath Sunday, 21 September 2025 02:48 PM

ඒකාධිපති වැඩපිළිවෙළ නිසා අපේ අහිංසක තරුණයෝ 65000ක් පුච්චලා මැරුවේ UNP ආණ්ඩුව දැන් එහෙම ඒකාධිපති ක්‍රමයක් නැහැ. එහෙම තිබුණා නම් මෙලහකටත් ඔය කයිවාරු කාරයෝ ආගිය අතක් නෑ.

:       4       21

ජගත් ලියනගේ Sunday, 21 September 2025 02:52 PM

හරියට කියන්න. හොරකමට විරුද්ධ වීමට විරුද්ධවයි සටන් කරන්නේ කියලයි කියන්නේ. ඒකනේ ඔය කරන්නේ කියලා රටේ මහජනතාවට හොදට තේරෙනවා...

:       4       20

Hafeel Sunday, 21 September 2025 03:29 PM

එක්සත් ජාතික පක්ෂයට වසර 79... ඒකින් වසර 31ක්ම පරාජිත සහ අසාර්ථක නායකයාට පණ දෙන්න දූෂිතයෝ සේරම එක්වෙනවා නම්, ඔවුන්ගේ මෝඩකම පිළිබදව අමුතුවෙන් කියන්න ඕනේ නෑ.

:       4       17

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Sunday, 21 September 2025 03:30 PM

නැගිටීන්... දැන් ඉඳගනීන්... ආයිත් පාරක් - නැගිටීන්... දැන් ඉඳගනින්...

:       4       13

රනේ Sunday, 21 September 2025 03:47 PM

හරියටම හරි. එක නායකයෙක් තෝරගෙන ඊළඟ ඡන්දෙදි ඔයාලා හැමෝම එකතුවෙලා ඉල්ලන්නකෝ. එකම වර්ගයේ ඈයෝ නේ. හැමෝටම ලේසියි.

:       2       13

Mahajanathawa Sunday, 21 September 2025 03:56 PM

"කරුණාකර මේ ප්‍රශ්නවලින් ගොඩ ඒමට අපට උදව් කරන්න.. කරුණාකර අපි රටට කළ දේ අමතක කරන්න. අපට තවත් අවස්ථාවක් දෙන්න. "

:       4       9

ලොක්ක Sunday, 21 September 2025 04:47 PM

රටේ නීතිය ක්‍රියාත්මක වීම, ඒකාධිපති ක්‍රියාවක් ලෙස දකින්නේ, දාර ගොනුන් ඇර වෙන කවුරුන්ද?

:       1       9

Asela Sunday, 21 September 2025 05:29 PM

ඕනෑම දේශපාලන කඳවුරකට කැමැති ඕනෑම කෙනෙක් කුණුහරප ලියනවා. නමුත් ගැටලුව වන්නේ ප්‍රාග්ධන සම්පාදනයක්, නව ව්‍යාපාර හෝ ආයෝජන නොමැති වීමයි. විරැකියාව ඉහළයි. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය දැඩි ලෙස අවශ්‍යයි. සර්කස් පමණක් ප්‍රමාණවත් නොවේ. බුද්ධි ගලනය දැන් ලොකුම ප්‍රශ්නයයි.

:       12       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site