IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


’’ අනුරගේ දක්ෂ නායකත්වය ලංකාව වඩා ශක්තිමත් කරාවි’’

(අංජුල මහික වීරරත්න)

අනුර කුමාර ජනපතිගේ දක්ෂ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව වඩාත් ශක්තිමත්  ආර්ථිකයක් කරා ගමන් කරනු ඇතැයි විශ්වාස කරන බව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා පැවසීය.

ලංකාව මෑතකදී මුහුණ දුන් ආර්ථික අභියෝග ජය ගනිමින් මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සතුටු වන බවද මාලදිවයින් ජනාධිපතිවරයා කීය.

මාලදිවයිනේ ජනාධිපතිවරයා මේ බව පැවසූයේ මාලේ නුවර දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීමේ රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එහිදී මාලදිවයිනේ  ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

ජනාධිපති දිසානායක මැතිතුමා සහ එතුමාගේ දූත පිරිස මාලදිවයිනට සාදරයෙන් පිළිගැනීමට ලැබීම මට මහත් ගෞරවයක් සහ වරප්‍රසාදයකි. ඔබතුමාගේ මෙම සංචාරය, දිගු කාලයක් පුරා පැවති මිත්‍රත්වයේ සංකේතයක් වන අතර, පොදු අරමුණු නැවත තහවුරු කිරීමක් මෙන්ම අප දෙරට එක් කරන බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාවක්ද වේ. මාලදිවයින සහ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයෙන් වට වූ සහෝදර ජාතීන් දෙකකි.

අපගේ ඉතිහාසය සාක්ෂි දරන පරිදි අපගේ පුරාවෘත්ත එකිනෙකට බැඳී පවතින අතර, අප ශතවර්ෂ ගණනාවක් පැරණි මිත්‍රත්වයක් බෙදා ගන්නෙමු. දශක හයකට පෙර දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමත් සමඟ එම සමීප බැඳීම් තවදුරටත් වර්ධනය විය. 1965 ජූලි 26 වන දින නිදහස ලැබීමෙන් පසු මාලදිවයින රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිට වූ පළමු රටවල් අතර ශ්‍රී ලංකාවද විය.

අප නිදහස ලබා වසර 60ක් සපිරීමත් සමඟම, අන්‍යෝන්‍ය ගෞරවය සහ පොදු අභිලාෂයන් මත පදනම් වූ ස්ථිරසාර සහ කාලීන මිත්‍රත්වයට වසර 60ක් සපිරීමද මෙසේ සමරමු. ඔබතුමාගේ මෙම මාලදිවයින් සංචාරය සමීප අසල්වැසි සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති අතර අපගේ සහයෝගීතාවේ  විෂය පථය පුළුල් කරනු ඇතැයි මම විශ්වාස කරමි. අද අපගේ සාකච්ඡාවලදී, ජනාධිපති දිසානායක මැතිතුමා සහ මම වෙළෙඳාම, ආරක්ෂාව, අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව, තරුණ සහ ක්‍රීඩා, පරිසරය, ධීවර කර්මාන්තය සහ කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍ර හරහා සහයෝගීතාව පුළුල් කළ හැකි මාර්ග පිළිබඳ අවධානය යොමු කළෙමු.

ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් ආර්ථික අභියෝග ජය ගනිමින් මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මම ජනාධිපති දිසානායක මැතිතුමාට ප්‍රශංසා කළෙමි. ඔබතුමාගේ දක්ෂ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව වඩාත් ශක්තිමත් සහ අන්තර්කරණ ආර්ථිකයක් කරා ගමන් කරනු ඇතැ’යි අපට විශ්වාසයි. අද හුවමාරු කරගත් ගිවිසුම සහ අවබෝධතා ගිවිසුම අපගේ සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඇති පොදු කැපවීම පිළිබිඹු කරයි.

අන්‍යෝන්‍ය නීතිමය සහය පිළිබඳ ගිවිසුම, නීතිමය කටයුතුවලදී සිදුවන ඕනෑම ක්‍රියාපරිපාටියක ප්‍රමාදයක් විසඳීමට උපකාරී වනු ඇත. මාලදිවයිනේ විදේශ සේවා ආයතනය (FOSIM) සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුම අපගේ රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ පුහුණු අවස්ථා සහ නිපුණතා සංවර්ධනය සඳහා මඟපාදනු ඇත. අප දෙරට අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳවද අපි එකඟ වුණෙමු.

අපගේ ජනතාව අතර පවතින ශක්තිමත් සම්බන්ධතාවය මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමීප අසල්වැසි සබඳතාවලට පදනම වේ. අප හමුවේදී, අපි දෙරටේ ජනතාව අතර සම්බන්ධතාවල වැදගත්කම හඳුනාගත් අතර, අප එකිනෙකාගේ රටවල වෙසෙන අපගේ ප්‍රජාවන් විසින් සිදු කරන ලද ධනාත්මක දායකත්වය පිළිගත්තෙමු. මාලදිවයින් ජාතිකයින් විශාල පිරිසකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය සැපයීම පිළිබඳව ජනාධිපතිතුමාට මගේ අවංක ප්‍රශංසාව පළ කළෙමි.

අපගේ පුරවැසියන්ට ගුණාත්මක කොන්සියුලර් සේවා ලබා දීමේ වැදගත්කම පිළිබඳවද අපි එකඟ වුණෙමු. ශ්‍රී ලංකාවේ වෙසෙන මාලදිවයින් ජාතිකයින්ට වසරක කාලයක් සඳහා වෛද්‍ය සහ කලත්‍ර වීසා නිකුත් කිරීමට ශ්‍රී ලංකා රජය මෑතකදී ගත් තීරණයට මම ස්තූතිවන්ත වෙමි. 

තරුණ සවිබල ගැන්වීම සහ වෘත්තීය පුහුණුව සඳහා ආයෝජනය කිරීම මගේ රජයේ ප්‍රමුඛතා අතර පවතී. මෙම ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව සඳහා විශාල විභවයක් ඇති බව අපි හඳුනා ගෙන සිටිමු. 

අතීතයේදී ශ්‍රී ලංකා අධ්‍යාපනඥයින් විසින් මාලදිවයින් අධ්‍යාපන ක්ෂේත්‍රයට අගනා දායකත්වයක් ලබා දී ඇත. මාලදිවයින් සිසුන්ට උසස් අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව සඳහා වඩාත් සුදුසු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් පවතී.

ධාරිතා වර්ධන වැඩසටහන්, දැනුම බෙදාගැනීමේ මුලපිරීම් සහ අපගේ අධ්‍යයන ආයතන අතර සමීප සහයෝගීතා වර්ධනය කිරීමට අපි එකඟ වුණෙමු. මාලදිවයිනේ මානව සම්පත් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව ඉටු කළ වැදගත් කාර්යභාරය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට සහ රජයට අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කළෙමු. දූපත් ජාතීන් ලෙස, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන දෙරටම ඉන්දියානු සාගරය මත, විශේෂයෙන්ම ධීවර කර්මාන්තය මත දැඩි ලෙස රඳා පවතී. විශේෂයෙන් එය අප දෙරටේ බොහෝ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වේ.

නීතිවිරෝධී, වාර්තා නොකරන ලද සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීම වැනි අභියෝගවලට මුහුණ දීම සඳහා වන අපගේ පොදු කැපවීම අපි නැවත තහවුරු කළ අතර, තිරසාර ධීවර පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ දැනුම හා විශේෂඥභාවය හුවමාරු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කළෙමු. අපගේ සමුද්‍රීය කලාපවල ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සඳහා ශ්‍රී ලංකාව සමඟ සමීප සහයෝගීතාව අඛණ්ඩව පවත්වා ගෙන යාමට මාලදිවයිනද කටයුතු කරනු ඇත. ඒකාබද්ධ අභ්‍යාස, විවිධ කුසලතා සහ වෘත්තීය පුහුණුව හරහා ශ්‍රී ලංකාව විසින් ලබා දෙන අඛණ්ඩ අගනා සහයෝගයට අපි කෘතඥ වෙමු.

අපගේ සමුද්‍රීය ආරක්ෂක හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සඳහා මාලදිවයින ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව කටයුතු කරනු ඇත. දේශගුණික විපර්යාස අප දෙරටටම බලපාන තවත් දැවෙන ගැටලුවකි. එය හදිසි, ඒකාබද්ධ සහ නිර්භීත ක්‍රියාමාර්ග අවශ්‍ය වන පොදු තර්ජනයකි. පොදු මුලපිරීම් සහ ජාත්‍යන්තර සහයෝගීතාව මඟින් පාරිසරික තිරසාරත්වය ඉදිරියට ගෙන යාම සඳහා අපගේ රජයන් විසින් ගනු ලැබූ මුලපිරීම් පිළිබඳව අපි අදහස් හුවමාරු කර ගත්තෙමු. 

සමීප මිතුරන් සහ අසල්වැසියන් ලෙස, මාලදිවයින සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වේදිකාවේදී සමීපව කටයුතු කර ඇත. මෙම හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට සහ අන්‍යෝන්‍ය අභියෝග විසඳීම සඳහා කලාපීය හා බහුපාර්ශ්වික වේදිකාවල සමීපව කටයුතු කිරීමට අපගේ කැපවීම ජනාධිපති දිසානායක මැතිතුමා සහ මම නැවත අවධාරණය කළෙමු.

ඔබතුමාට, ඔබතුමාගේ රජයට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට, ඔබගේ අඛණ්ඩ මිත්‍රත්වය, නොසැලෙන සහයෝගය සහ මාලදිවයිනට ලබා දුන් ත්‍යාගශීලී උපකාරය වෙනුවෙන් මගේ හෘදයාංගම කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමි. 

ශ්‍රී ලංකාව සමඟ එක්ව සිටීමට සහ අප දෙරටේම සමෘද්ධිය සඳහා කටයුතු කිරීමට අපගේ කැපවීම නැවත තහවුරු කිරීමට මම මෙය අවස්ථාව කර ගනිමි. අප අනාගතය දෙස බලන විට, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි මම විශ්වාස කරමි.

අපි භූගෝලීය වශයෙන් එක්සත් වී සිටිමු, ඉතිහාසයෙන් බැඳී සිටිමු, ඉන්දියානු සාගර කලාපයේ සහ ඉන් ඔබ්බට සාමය, ප්‍රගතිය සහ සමෘද්ධිය සඳහා පොදු දැක්මකින් ආභාසය ලබා සිටිමු. 



අදහස් (5)

’’ අනුරගේ දක්ෂ නායකත්වය ලංකාව වඩා ශක්තිමත් කරාවි’’

ටිල්වින් සීයා Tuesday, 29 July 2025 10:29 AM

අපිනෙ දන්නේ එයාගේ දක්ෂ කම. පච දෙයියා.

:       9       13

අරවින්ද මොණරවිල Tuesday, 29 July 2025 10:52 AM

ඌරන් ඉදිරියේ මුතු දැම්මට වැඩක් නැහැ උන් ඒවා පයින් පාගනු ඇතයි ශුද්ධවූ මතෙව් බයිබලයේ පවසා ඇත.

:       0       0

fairoos Tuesday, 29 July 2025 11:53 AM

ජයවේවා

:       3       2

පිටරැටියා Tuesday, 29 July 2025 02:22 PM

හිටපු අය ගැන ලෝකෙම දන්නවා. මහාපරිමාණ හොරකම් වංචා දූෂණ කරලා රටම විනාස කරපු දූෂිතම පවුල් පාලකයෝ..ජනතාවදී අදූෂිත නායකයා ගෙන් රටට යහපතක්ම වේවා

:       3       2

කපුරුහාමි Tuesday, 29 July 2025 04:18 PM

වහලුන්ට මේවා අහන කොට දරාගෙන ඉන්ඩ බැරුව ඇති. ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කාපු දූෂිත පව්ල් පාලකයෝ ජනතාව පැන්නුවේ නිකම්ද ? මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා .නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කෙරුවා .

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 215 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 554 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site