(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාව, අයිරිස් ඩෙනා නෞකාවට එල්ල කළ ටොපීඩෝ මිසයිල පිළිබඳව ඉරාන නාවික හමුදාවට අමතක වී නොමැති බවත් බලාපොරොත්තු නොවූ මොහොතක සතුරාට ඉරාන නාවික හමුදාව මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවත් ඉරාන නාවික හමුදාපති පසුගියදා අනතුරු ඇඟවූවේය.

එහිදී ජීවිත පිදූ ඉරාන නාවික හමුදා භටයින් පිළිබඳව ඉරාන නාවික හමුදාවට අමතක වී නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය. පසුගිය 4 වැනිදා ඇමෙරිකානු හමුදාවේ ටොපීඩෝ මිසයිල ප්‍රහාරයකින් අයිරිස් ඩෙනා නෞකාව මුහුදුබත් වූ අතර එම ප්‍රහාරයෙන් නාවිකයෝ 104 ක් ජීවිතක්ෂයට පත්වූහ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජීවිතක්ෂයට පත් නාවිකයන් එකසිය හතරදෙනාගෙන් අසූහත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගනු ලැබුවේය.

එසේම තවත් ඉරාන නාවිකයන් 32 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව මුදා ගත්තේය. මළ සිරුරු සොයාගත් නාවිකයන් අසූහත් දෙනාගේ අවමංගල්‍ය උත්සවය පසුගිය 10 වැනිදා ඉරානයේ සිදුවිය.