IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා  මහ බැංකුවේදී අද පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදි ලාබ පාඩු ලැබිය හැකි බවත් වැදගත් වන්නේ ලාබ ලැබුවාද පාඩු ලැබුවාද යන්න නොව ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි වූවා ද යන්න බව මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

මහ බැංකුව පාඩු ලැබූ වර්ෂ මෙන්ම ලාබ ලැබූ වර්ෂද තිබූ බවත් පසුගිය වසරේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දිනකදී රුපියල් බිලියන 600 ක පමණ පාඩුවක් මහ බැංකුවට සිදුවූ නමුත් ඉන් ජනතාවට යහපතක් වූ බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මහ බැංකුව පාඩු ලබන අසාර්ථක ආයතනයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රවරයෙකු කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධව අදහස් දක්වමින් ඔහු ඉහත අදහස් පළ කළේය.

මේ වනවිට රජය සහ බැංකු ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති හේතුවෙන් රටේ යම් කිසි ආකාරයක සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් ඇතිවී තිබෙන බවත් කෙටිකාලීනව ළඟා කරගත් එම ස්ථාවරත්වය දීර්ඝ කාලීනව පවත්වාගෙන යා යුතු බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

කුමන රජයක් පැමිණියද මෙම ප්‍රතිපත්ති ඉදිරියට රැගෙන යා යුතු බවත් එසේ නොවූහොත් නැවැත ආර්ථිකය කඩා වැටීමේ අවදානමක් මතුවනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

 



අදහස් (11)

‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘

විජිත් Tuesday, 07 May 2024 06:41 PM

ප්‍රතිපත්ති ඉදිරියට රැගෙන යායුතුයිලු ...මොනවාද ප්‍රතිපත්ති ? රටේ මිනිස්සුන්ට බදු ගහමු " කියලා අයිඑම්එෆ් එකට යෝජනා කරපු එකද ? නැත්නම් " කාරවත් හොරෙන් අපි කට්ටියගේ පඩි 70%න් වැඩිකර ගැනීමද ?ලැජ්ජයි.. හලෝ .අපිට නොදන්වා මුන් රටම කාටහරි විකුනලාද කියලා කවුද දන්නේ.හැබැයි ..තමුන්ලගේ අනාගතයනම් එතරම් ලස්සන නැහැ.

:       0       12

ගමේ එකාලා Tuesday, 07 May 2024 06:50 PM

සමහර දූෂිත දේසපාලුවන්ට මහ බැංකු හොරු කියන්නේ ඇයි ? නොදන්න හින්දයි ඇහැව්වේ?

:       0       11

රත්නායක Tuesday, 07 May 2024 07:16 PM

ඔයාලට විතරයි පඩි වැඩි වෙන්න ඕනා කියල හිතන් ඉන්න එකෙකුගේ ප්‍රකාශවත් කියවන්න හිතෙන්නේ නැහැ.අප්‍රියයි.බණ කියන්න විතරයි දන්නේ.

:       0       12

Prabha Tuesday, 07 May 2024 10:00 PM

ලාභ වුණත් පාඩු වුණත් අපි පඩි වැඩි කරගත්තා... අපේ සාක්කුව පිරිලා ඉතිරිලා ... හා හා නේද

:       0       11

Bandula Tuesday, 07 May 2024 11:02 PM

නන්දෙ පිස්සු එහෙම කෙලින්ඩ එපා අපි දැනට ගෙවන බදූ හෝදටම ඇති මයි දෙයියො.

:       0       11

Perera Wednesday, 08 May 2024 01:07 AM

ඔව් ඔව් ඕකේ ඉන්න එවුන්ට ඕකෙන් ලාභ ගන්න

:       0       8

B Amarasinghe Wednesday, 08 May 2024 07:22 AM

අයිඑම්එෆ් පාඩු ලබන නිසා ප්‍රතිව්‍යුහගත කරන්න කිව්වේ නැද්ද?

:       0       11

kumara Wednesday, 08 May 2024 07:43 AM

ඕකට හොද කියමනක් තියෙනවා "ලෙඩා මැරුණත් බඩ සුද්දයි" කියලා. එහෙම වෙන්න බැහැ. වගකීම අරන් වැඩ කරන්න. ප්‍රතිපත්ති සමාලෝචනය කිරීමත් ඒවා සමාජයට සහ රටට, ස්වභාවදර්මයට යහපත් වන අයුරින් වෙනස් කර ක්‍රියාත්මක කිරීම වගකීමක්.ඒ අයුරින් ප්‍රතිපත්ති සකස් කිරීමයි වැදගත්. ඕන දෙයක් වෙද්දෙන් කියලා කරන්න බෑ. මැනලා පෙන්වන්න පුලුවන් වෙන්න ඔ්නා ජනතාවට සිදු වුන යහපත එහෙනම්, මහ බැංකුව පාඩු ලබලා.

:       0       11

අරවින්ද මොනරවිල Wednesday, 08 May 2024 09:44 AM

සීයයට තුන් හාරසීයයකින් පඩි වැඩිකර ගත්තේ ඒක නිසා වෙන්න ඇති.

:       0       9

ලුම්බිණි Wednesday, 08 May 2024 11:00 AM

ඔය කතා කරන්නේ රනිල් වෙනුවෙන්ද?

:       1       2

Rata Perata Wednesday, 08 May 2024 11:56 AM

ඔක්කොම කයිවාරු කාරයින් විතරයි. රට ගැන, ජනතාව ගැන හිතලා වැඩකරන කවුරුවත් නෑ...

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ජනපති: විදෙස් ඇමැති අතුරුදන්
2024 මැයි මස 19 0 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හ


පුත්තලමෙ පාසල් අදත් නිවාඩු
2024 මැයි මස 19 128 0

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට උප


ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපසු ගනී
2024 මැයි මස 19 548 0

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්ත


ඉරාන තානාපතිට පහරදුන් ව්‍යාපාරිකයා රිමාන්ඩ්
2024 මැයි මස 19 698 0

ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොශ් මහතාට පහරදීමේ චෝදනාව මත අත් අඩංගුවට ගනු නැමැත්තා හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා


සෞදි රජුට හොඳට උණ
2024 මැයි මස 19 735 0

සෞදියේ සල්මාන් රජු අසනීප තත්ත්වයකින් පසුවෙයි. රජුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසන්නේ, රජු දැඩි උණ රෝගී තත්ත්වයකින් පසුවන බවත්, හන්දි වේදනා සහ මස්පිඩ්


‘‘මැතිවරණය කුමක් දැයි අපට අදාල නෑ‘‘
2024 මැයි මස 19 297 0

ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණය ද? යන්න කුමක් වුවත් ඒ දෙකටම මුහුණ දීමට ජාතික ජනබල වේගය සූදානම් යැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 801 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2355 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2021 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site