
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාව, ඉරානයට නව ප්‍රහාර එල්ල නොකරනු ඇති බවත් ඊශ්‍රායලයද ඉරානයට නව ප්‍රහාර එල්ල නොකරනු ඇති බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ප්‍රකාශ කළේය.
මැද පෙරදිග මිතුරු රාජ්‍යයන් ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා වන ගිවිසුමකට අදාළ කොන්දේසි සඳහා ඉරානයේ එකඟතාව ලබාගෙන තිබෙන බවත් ඒ යටතේ කොන්දේසි විරහිතව ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කරනු ඇති බවත් ජනපති ට්‍රම්ප් පැවැසුවේය. එසේම නව ගිවිසුම යටතේ ඉරාන න්‍යෂ්ටික තර්ජනය සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇති බවද ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් මැද පෙරදිග මිතුරු රාජ්‍යයන් සිදුකළ ඉල්ලීම මත ලෝකයේ සහ ඉරානයේ අභිවෘද්ධිය උදෙසා එල්ල කරන ප්රහාරයන් නතර කිරිමට තමන් තීරණය කළ බවත් ඊශ්‍රායලයද ඇමෙරිකාවේ තීරණය පරිදි එල්ල කරන ප්රහාරයන් නතර කරනු ඇති බවත් ජනපති ට්‍රම්ප් පැවැසුවේය.
මාස 5 ක ඇමෙරිකානු - ඉරාන අර්බුදයේ නවතම ප්‍රවණතාව මෙය වන අතර ගිවිසුමට එළැඹීමත් සමග මැද පෙරදිග අර්බුදය අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට පෙරද ඇමෙරිකානු - ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා කරුණු 14 කින් යුත් අවබෝධතා ගිවිසුමක් පසුගිය ජුනි 17 වැනිදා අත්සන් කෙරිණි. කෙසේ නමුත් එය අසාර්ථක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd