(නිමල කොඩිතුවක්කු)

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව ජනබලයෙන් පරාජය කරන බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී  පැවසීය.

සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය ලෙස මහපාරට බැස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඒකාධිපති වියරුව පරාජය කර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කර අධිකරණය සුරක්ෂිත කරන්න මහපාරට පැමිනෙණ බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව “අධිකරණයට අත නොතබනු” මැයෙන් සමගි ජන බලවේගය කොටුව දුම්රියපොල ඉදිරිපිට දී පැවති විරෝධතාවයක දී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසිය.

ශිරානි බණ්ඩාරනායක ගරු අගවිනිසුරුතුමියගේ ගැටලුවේ සිට පසුගිය රජය විනිසුරුවන් වරප්‍රසාද කමිටුවට ගෙන ඒමට පවා විරුද්ධව කටයුතු කළේ සජබ බවත් 17, 18, 19, 20, 21ට අත උස්සපු අය සජබේ නැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.