(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

අසාර්ථකභාවය හේතුවෙන් ඉවත් කරන්නේ නම් මුලින්ම ඉවත් කළ යුත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු සාර්ථක අයෙකු නම් සිටිය යුත්තේ ජනාධිපති පුටුවේ බවද හෙතෙම සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මීගමුව බන්ධනාගාරයේ ගැටුම පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.