
(අංජුල මහික වීරරත්න)
රජයේ විවිධ ආයතන සතු ඌන උපයෝජිත හෝ අර්ධ වශයෙන් නිම කර ඇති ගොඩනැගිලි හා ඉදිකිරීම් ඵලදායි කටයුතු සඳහා යොදා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රජයේ විවිධ ආයතන විසින් ඉදිකරනු ලැබ, දැනට අතහැර දමා හෝ අර්ධ වශයෙන් ඉදිකරනු ලැබ නිසි භාවිතයට නොගන්නා ඉදිකිරීම් පිළිබඳව මහා භාණ්ඩාගාරය විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහාය ඇතිව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තොරතුරු රැස් කරනු ලැබ ඇත.
එකී තොරතුරු අනුව හඳුනා ගනු ලැබ ඇති ඌන උපයෝජිත හා අර්ධ වශයෙන් ඉදිකිරීම් සිදු කරනු ලැබ ඇති ගොඩනැගිලි 2,972 කට අදාලව දැනට පවතින භෞතික තත්ත්වය පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, එම ගොඩනැගිලි ඵලදායි කාර්යයන් සඳහා යොදා ගැනීමට හැකි වන පරිදි අදාල අමාත්‍යාංග සහ ආයතන විසින් කඩිනමින් විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
2025 ඔක්තෝබර් මස 08
1583
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘සුදු අලි’’ ගොඩනැගිලි වලින් වැඩක් ගන්න යයි
sunil Tuesday, 28 October 2025 09:31 PM
ලොකුම එක තමයි හම්බන්තොට , ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව.