
(ටී.කේ.ජී.කපිල)
මෙරට එන්නත්කරණ වැඩසටහන සදහා යොදා ගැනීමට ශ්‍රී ලංකාව මිළදී ගත්, " ෆයිසර් " එන්නත්, තවත් මාත්‍රා ලක්ෂයක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
මෙම එන්නත් කිලෝ ග්රැම් 460 ක් බරැති,පෙට්ටි 13 තුළ අසුරා තිබුණි .
මුලින්ම මෙම එන්නත් නෙදර්ලන්තයේ , ඇමස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් තිබුණි .
එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් , අද දින අලුයම 02.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
18 - 30 අතර අයට දුන්නොත් හොදයි.
ඒ ටිකවත් බස්නාහිර පළාතේ මිනිස්සුන්ට දෙන්න, මොකද වැඩිම අවදානම තියෙන බස්නාහිර මිනිස්සුන්ට ලැබුනේ චීන එන්නතම විතරයි.
ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් එන්නත්වල ආර්ථිකයක් මේ අවස්ථාවේ යුරෝපයේ තිබෙනවා. වහාම එම සමාගම්වලින් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළා එම එන්නත් ඇණවුම් කරන්න. නිසි පර්යේෂණ වාර්තා ඉදිරිපත් නොකළ නිසා චීන එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර නැත. මේවා ගහලා මැදපෙරදිග රැකියාවලටවත් යන්න බෑ...
අතිරික්තය අතිරික්තයක් ලෙස මුද්‍රණය වී ඇත්තේ ප්‍රමාද දෝෂයක් නිසා බව සලකන්න