
ෆින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ් නිල සංචාරයක් ආරම්භ කරමින් ඉන්දියාවට පැමිණ සිටී. ෆින්ලන්ත ජනාධිපතිවරයා ලබන 7 වැනිදා තෙක් ඉන්දියාවේ රැඳී සිටිනු ඇතැයි ද පැවැසෙයි.
ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ් ඉන්දියාවට පැමිණියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඇරැයුමකට අනුවය. නවදිල්ලියේ පැවැත්වීමට නියමිත රයිසිනා සංවාදයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන්නේ ද ඇලෙක්සැන්ඩර් ස්ටබ් ය.
රයිසිනා සංවාදය යනු භූ දේශපාලන, භූ ආර්ථික විද්‍යා සමුළුවකි. මෙය 2016 වසරේ සිට වාර්ෂිකව නවදිල්ලිය කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙයි. සමුළුව සංවිධානය කරනු ලබන්නේ ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය සහ ඔබ්සර්වර් රීසර්ච් පදනමය.
ෆින්ලන්ත ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ, ද්වී පාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වීමට නියමිත බව ද පැවැසෙයි. ආරක්ෂාව, ආර්ථිකය, වෙළෙඳ කටයුතු, තාක්ෂණය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd