(බිඟුන් මේනක ගමගේ)
ෆෙටෝ (FETO)හෙවත් ෆට්තුල්ලා නමැති සංවිධානය හා තුර්කි ආණ්ඩුව අතර ඇත්තේ අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්නයක් යැයි ද ෆෙටෝ සංවිධානය අයි.එස්.අයි.එස් වැනි මූලධර්මවාදී ත්‍රස්ත සංවිධානයකට සම කළ නොහැකි යැයි ද ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට කීය.
තුර්කි රජයේ තහනමට ලක්ව ඇති ෆෙටෝ සංවිධානය වත්මන් තුර්කි රජය පිහිටුවීමට කාලයක් තිස්සේ දේශපාලන සහාය දුන් කණ්ඩායමක් යැයි ද 2016 දී රාජ්‍ය බලය ඇල්ලීමට සිදු කළ අසාර්ථක කුමන්ත්‍රණයකින් පසුව ඔවුන් තහනමට ලක්ව ඇතැයි ද එම නිලධාරියා කීය.
දේශපාලන කුමන්ත්‍රණයෙන් පසුව එහි සාමාජිකයන් දේශපාලන රැකවරණය පතා විදේශයන්ට පැන ගොස් ඇතැයි ද ලංකාවට පැමිණි බව කියන සාමාජිකයන් 50 දෙනා ද එවැන්නන් යැයි සැක කරන්නේ යැයි ද එම නිලධාරියා සඳහන් කළේය.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා මේ බව පැවසුවේ තුර්කි ත්‍රස්ත කණ්ඩායමක් මීට දෙවසරකට පෙර ලංකාවට පැමිණ ඇති බවට තුර්කි තානාපති කාර්යාලයෙන් විදේශ අමාත්‍යංශයට නිකුත් කර තිබූ රහස්‍ය වාර්තාවක් ගැන විමසීමේදීය.
විදේශ කටයුතු අමාත්‍යංශය මේ වනවිට යම් පියවරක් ගෙන ඇතිදැයි විමසීමට එහි මාධ්‍ය ප්‍රකාශකවරිය සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද ඇය විදෙස්ගතව සිටි බැවින් යුරෝපය හා මධ්‍යම ආසියාව අයත් අංශයේ ප්‍රධානී එස්. කේ. සේමසිංහ මහතාගෙන් විමසුව ද ඔහු ඊට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කළේය.
විදේශ කටයුතු අමාත්‍යංශය අදාළ පුද්ගල කණ්ඩායමේ තොරතුරු විධිමත්ව තම දෙපාර්තමේන්තුවට ලබා දී ඉල්ලීමක් කළහොත් ඔවුන් ගැන විස්තර සොයාගත හැකි බව මේ ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමේදී නිලධාරියෙක් පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවනේ ! මොන තරම් ලේසියටද අපේ ආරක්ෂාවට ඉන්න මිනිස්සු මේවා ගන්නේ. ඊට පස්සේ කෑවෝ කෑවෝ කියලා කෑ ගහනවා.
මගේ මතකයේ විදිහට අපේ රටේ කොමිසමක් තිබුනා "උගත් පාඩම් හා ප්රතිසංවිධාන" කොමිසම කියලා ඒ කාලේ එකේ අර්ථකතනයක් කර ඇමතිවරයා කිව්වෙ කලින් අපෙන් වුන අඩුපාඩුකම් වලින් පාඩමක් ඉගෙනගෙන ඉදිරියට ඒ දේවල් නොවීමට කටයුතු කිරීමට වගබලා ගත යුතු බව. එත් අපේ රටේ බහුතරයක් රජයේ ආයතනවල ඉන්න මෝඩයෝ කවදාවත් කිසිම පාඩමක් ඉගෙනගන්න පාටක් පෙන්නනැ, අන්තිමේදී මේ අය නිසා ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන්නෙ අපේ රටේ ඉන්න අහිංසක මිනිසුන්ට සහ විදේශිකයන්ට, මේ අය මේ තුර්කි ත්රස්තවාදීන් ගන හොයාබලන ආකාරයෙන්ම පේනවා පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඒ පිලිබඳ විදේශයකින් දුන්න තොරතුරු පිලිබඳව හොයා බලපු ආකාරය.
මම හිතන්නේ මෙතුමා කියනදේ හරි. තුර්කියේ දැන් ඉන්න නායකයා erdogan ඉස්ලාම් අන්තවාදීන්ට හිතවත් පුද්ගලයෙක්.
මේ වැඩේ කරන්න බැරි අය. රටටයි ජනතාවටයි වල කපනවා. රටට අනාගතයක් නැහැ
අපේ රටට වෙලා ලෝකයේ අනිත් රටවල් වලට ත්‍රස්ත හෝ දේශපාලන වින කරන පුද්ගලයන් නැවත සිය රටවල් බලා යැවිය යුතුයි! සංවර්ධන උදව් උපකාර කිරීමේ මුවාවෙන් අපේ රටට මැදපෙරදිග රටවල්වලින් පැමිණී සිටින මිතුරන් වශයෙන් පෙනීසිටින හතුරන්ගෙන්ද කල්පනාකාරී වෙන්න !