
(ටී.කේ.ජී.කපිල)
වීසා කාළය ඉකුත් වී නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහළ් ගොඩනැගිල්ලක් තුළ සැගවී සිටියදී අද (04) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.
පාළක ජනරාල්වරයාට ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
මෙසේ අත්අඩංගුවට ගත් 50 දෙනා අතරින් 48 දෙනෙකු වියට්නාම් ජාතිකයන් වන අතර ඉතිරි දෙදෙනා චීන ජාතිකයන් වේ.
ඔවුන් අතරින් 33 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර ඉතිරි 17 දෙනා කාන්තාවන් වේ.
මොවුන් සියලුම දෙනා වයස අවුරුදු 20 ත් - 35 ත් අතර පසුවන්නන් වේ.
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු ආගමන විගමන පාළක ජනරාල් චමින්ද පතිරාජ මහතාගේ උපදෙස් මත , පාළක විමර්ශන සහ මෙහෙයුම් විපුල් කාරියවසම් මහතාගේ අධීක්ෂණය යටතේ, ජ්‍යෙෂ්ඨ බලලත් නිලධාරී හරිත පාඩියප්පෙරුම මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිදු කර තිබේ .
මෙසේ අත් අඩංගුවට ගත් විදේශිකයන් පිරිස මේ වනවිට වැළිසර රැදවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන එමින් තිබෙන අතර ඔවුන් කඩිනමින් පිටුවහල් කිරීමට නියමිතය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd