
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයින් රවටා ව්‍යාජ රියදුරු බලපත්‍ර ලබා දෙන ජාවාරමකට සම්බන්ධ එම දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරියකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්යාංශයේ විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම (34) සහ බුලත්කොහුපිටියේ ( 28) පදිංචි දෙදෙනකු බව පොලීසිය කියයි .
වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයින් රවටා ව්‍යාජ රියදුරු බලපත්‍ර ලබා දෙන පුද්ගලයකු පිලිබදව තොරතුරක් විශේෂ කාර්යාංශයේ විශේෂ මෙහෙයුම් ඒකකයට පසුගියදා ලැබී තිබුණි.
ඒ අනුව එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අකලංග නිලධාරියාගේ උපදෙස් මත උපාය දූතයෙකු යොදවා රුපියල් දස දහසක් ගෙවා රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමට සැලසුමක් සකස් කර එම බලපත්‍රය ලබා ගැනීමට යාමේදී මෙහි ප්‍රධාන සැකකරු මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.
පසුව ඔහුගෙන් ලද තොරතුරකට අනුව රියදුරු බලපත්‍ර වලට අලවන ආරක්ෂිත ඉස්ටිකරය ලබා දෙන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත ආරක්ෂක නිලධාරියකු ආරක්ෂිත ඉස්ටිකර් 09 සමග අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd