ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංග පතිරගේ දිනා ගත්තේය.

මෙහිදී රුමේෂ් සිය දෙවන උත්සාහයේදී මීටර් 89.75ක දුරක් විසිකරමින් මෙම සුවිශේෂී රන් පදක්කම මව්බිමට දිනාදුන්නේය.

 ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයී ක්‍රීඩා උළෙලක දිනූ 6වැනි රන් පදක්කම වන අතර, බර ඉසීලීමේ ක්‍රීඩක චින්තන විදානගේ 2006 වසරේ දී   රන් පදක්කම දිනා ගත්තේය. ඒ මීට වසර 20කට පමණ පෙරය