සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ සේවය තහනම් කිරීම සහ නිලධාරිනියන්ට හිරිහැර සිද්ධ වීම ඇතුළු සිදුවීම් කීපයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය යොමු කර ඇති ලිපිය පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ විශේෂ අවධානය යොමු වී ඇත.
ලිපියෙන් පෙන්වා දුන් සිදුවීම් සමීපව නිරීක්ෂණය කරන බවද පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ ලේකම් ස්ටීවන් ටුවිග්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ මහ ලේකම් ප්‍රේමසිරි මානගේට නිල වශයෙන් දැනුම් දී ඇත. එසේම එම ලිපියේ කරුණු සම්බන්ධයෙන් කථානායකවරයාගේ අවධානයට යොමු කරවන බවද මහලේකම්වරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය විසින් පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්ට යවන ලද ලිපියෙන් ප්‍රධානතම කරුණ ලෙස පෙන්වා දී තිබුණේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ වැඩ තහනම් කිරීමයි. එය නීතිමය ක්‍රමවේද, ස්වාභාවික නීතිමය සාධාරණත්වය සහ ආයතනික ස්වාධීනතාව දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දී තිබිණ.
තවද මෙසේ සේවය තහනම් කිරීම, ඊට නීතිමය බලය නොමැති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුව (ී්ක්) මගින් කර ඇති බවත් කථානායකවරයා තමා වෙත නැති බලයක් පවරාගෙන එම කටයුත්ත කර ඇති බවත් එහි සඳහන් කෙරිණ.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම, පාර්ලිමේන්තු තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියට සිදු වූ හිරිහැර සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම යනාදී සිද්ධීන් සම්බන්ධයෙන් ද එම සංගමය පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ අවධානයට යොමුකර තිබිණ.
එකී ලිපියේ සඳහන් කරුණු අතරින් ප්‍රධානතම කාරණය වන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් දැනටමත් අධිකරණමය ක්‍රියාවලියක් ආරම්භ වී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් මැදිහත්වීමට තම සංගමයට ඇත්තේ සීමිත ඉඩකඩක් බව පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ලේකම්වරයාගේ ලිපියේ සඳහන් කර ඇත.
එම අධිකරණමය ක්‍රියාදාමය පිළිබඳව ඔවුන් සමීපව නිරීක්ෂණය කරන බවද මහලේකම්වරයා වැඩිදුරටත් දක්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd