IMG-LOGO

හිටපු මන්ත්‍රී 499කගේ පැන්ෂන් අහෝසියි?

(සුජිත් හේවාජුලිගේ)

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි  කිරීමේ පනත් කෙටුම්පත සම්මතවූ වහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 499 කගේ විශ්‍රාම  වැටුප අහිමි වී යන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

එම පිරිසට  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 30 දෙනෙක්ද   ඇතුළත් වෙති.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ළඟදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (8)

හිටපු මන්ත්‍රී 499කගේ පැන්ෂන් අහෝසියි?

ගුණරත්න Sunday, 10 August 2025 02:04 PM

හිටපු මන්ත්‍රීලාගේ විශ්‍රාම වැටුප අහිමි කරන එකෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ජෙයෂ්ඨ දේශපාලනඥයන් නැවත දේශපාලනයට එම වළක්වන එක. එක ඔවුන්ගේ තනි පක්ෂ ආණ්ඩුවක් හදන උත්සාහයට බාධාවක්. මොකද දැන් දේශපාලනයට යන්න කැමති නැහැ. ඊට වඩා තමන්ගේ බිස්නස් එක රක්ෂාව කරගෙන ඉන්න පෙළඹෙනවා. එකෙන් වෙන්නේ ඉස්සරහට විපක්ෂයේ දේශපාලනය තුනී වෙලා නැත්තටම නැති වෙන එක. එත් ආණ්ඩුවේ දේශපාලන පක්ෂය ලංකාවේ ධනවත්ම පක්ෂය නිසා ඔවුන්ට තමන්ගේ මන්ත්‍රීවරුන්ට දීමනා වැටුප් ගෙවන එක ප්‍රශ්නයක් නෙවෙයි.

:       21       14

Jayasinghe Sunday, 10 August 2025 03:55 PM

සහතිකම ඇත්ත ඊළඟට අනෙක් පක්ෂ විනාශ කරනවාට අමතරව දූෂන හා වංචාවන් වැඩිවීමට ප්‍රබලම හේතුවක් වෙනවා. ජේආර් මේ විශ්‍රාම ක්‍රමය ඇතිකලේ ජීවිත කාලය රට වෙනුවෙන් වැඩකර අතපය අවලංගු කාලයේ ජීවිතය රැකගැනීම සඳහා තමයි අපි කුඩා කාලයේ ජෙප්පෝ මුලින්ම කියලා තිබුනේ වයස්ගත ඔක්කෝමලා මරාදැමීම කරන්න ඕනෑ කියලා යන්තම් මතකයක් තියෙනවා. ඊයේ පෙරේදා උපන් එවුන් ඒවා දන්නේම නැහැ. මේ කරන්න හදන්නේ ඒකම වෙන්න පුළුවන්...

:       17       6

මනෝරත්නSunday, 10 August 2025 05:27 PM

ජනතා සේවයට එනවා කියන්නේ හම්බ කරගෙන කන්න එන තැනක් නොවෙයි.. එය හුදෙක් ජනතා සේවයම විය යුතුයි... මෙතෙක් කාලේකට දේශපාලනයට එන හැමදෙනාම කලේ, එයින් තමන් හම්බ කරගෙන තමන් වටේ ඉන්න පිරිස නඩත්තු කරගෙන රජ සැප විඳීම මිසක්... ජනතා අපේක්ෂාවන් ඉෂ්ඨ කිරීම නොවෙයි... මෙයින්වත් එවන් පරමාර්ථයෙන් පැමිණෙන දූෂිතයින් අනාගතයේදී අඩුවෙයි.. මේ රටේ අනාගතයට හොඳ පෙරනිමිත්තක් වෙයි....

:       2       16

චාමරSunday, 10 August 2025 09:43 PM

ඉතිං ඒක හොදයිනේ ගුණේ.

:       0       1

විපරමා Sunday, 10 August 2025 02:44 PM

බලයේ ඉන්නකොටත් පුළුවන් තරම් මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා බඩ වඩා ගත්තා. සමහර දූෂිත දේශපාලුවෝ ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාලා පරම්පරා ගාණකට ඇති වෙන්න හම්බ කරගත්තා. හොරාකාපු සල්ලි පිටරට බැන්කුවල.. කෙටි කාලයක් මන්ත්‍ර්‍රීකම් කරපු දේශපාලුවන්ට විස්‍රාම වැටුප් ගෙවන රටක් ලෝකෙම නැතුව ඇති. මේ දේවල් බලලෝබී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ තමුන්ගේ වාසියට හදාගත්තුවා.

:       3       27

යෝගා Sunday, 10 August 2025 02:51 PM

දේශපාලන විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ඡන්ද පොරොන්දුවක්. ඒක කලේ නැත්නම් ඔයාලා කියනවා කියපු වැඩ කලේ නෑ කියලා. අවුරුදු 5 කට විශ්‍රාම වැටුප් දෙන එක අසාධාරණයි.

:       2       27

පොඩිඑකාSunday, 10 August 2025 03:43 PM

මල කෙලියයි යකුනේ..., මෙන්න යෝගාට පිස්සු හැදිලා, නැත්නං වයර් ෂෝට් වෙලා. ඉක්මණටම ප්‍රතිකාරයක් අවශ්‍යයි...

:       1       8

de silva Sunday, 10 August 2025 03:52 PM

අතීතයට බලපාන ලෙස නීති සම්පාදනය කරන එක සදාචාරාත්මක නැහැ. නමුත් වසර 5 වැඩ කරපු කෙනෙකුට විශ්‍රාම වැටුප දෙන එක අසාධාරණයක්..., මේකට හොඳම විසඳුම ඉදිරියට මන්ත්‍රීලාගේ වැටුපට අදාල EPF /ETF සේවක අර්ථසාධක අරමුදලට බැර කරන එක..

:       8       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site