
(අංජුල මහික වීරරත්න)
හිටපු අමාත්‍යවරුන් නිල නිවාස ලෙස භාවිත කළ බංගලා සහ නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායී කාර්යයන් සඳහා යෙදවීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී සහභාගී වෙමිනි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය පරිපාලන අංශය, ස්වදේශ කටයුතු අංශය සහ පළාත් පාලන අංශය වෙනුවෙන් 2026 අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 60,430.04 ක ප්‍රාග්ධන වියදම් සහ රුපියල් මිලියන 706,226.83ක පුනරාවර්තන වියදම් යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් මෙන්ම 2027 අයවැය යෝජනා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.
ප්‍රාදේශීය වශයෙන් සමාජ සහ ආර්ථික දියුණුව ළඟා කරගත හැකි අන්දමින් ප්‍රාදේශීය පරිපාලන ඒකක සංවර්ධන ඒකක බවට පරිවර්තනය කිරීමේ සැලැස්මක් සකස් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd