(අමදෝරු අමරජීව)
ආණ්ඩුකාර නිල නිවස අලුත්වැඩියා කිරීමට වෙන් කළ රුපියල් ලක්ෂ 200ක මුදලින් රුපියල් ලක්ෂ 120ක මුදලක් පියවරු අහිමි දරුවන් 2000කට ශිෂ්‍යත්ව ප්‍රධාන කිරීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා වෙන්කර තිබේ.
අද (24) ත්‍රිකුණාමලය විවේකානන්ද මහා විද්‍යාලයේ පැවැති සමාරම්භක
උත්සවයේදී ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ පියවරුන් අහිමි වූ සිසුන් 84 දෙනෙකුට ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මාස හතරක ශිෂ්‍යත්ව ප්‍රධාන කළේය.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන අධ්‍යාපන කලාප 17ක ව්‍යාප්ත කිරීමට නියමිත ව ඇති අරත මෙම සමාරම්භ අවස්ථාවට පළාත් අධ්‍යාපන ලේකම් අයි.කේ.ජි.මුතුබණ්ඩා,පළාත් අධ්‍යාපන අධ්යක්ෂ එම්.කේ.මන්සුරි යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ව ඉස්සරවෙලාම හිරබාරයට ගත යුතුයි. දැන් සුදුහුණු ගාගන්න දඟලනවා පව්කාරයෝ...
මේ ගොල්ලන්ට ගෙදර යන්න කියනවා. මේ කට්ටිය ආධාර බෙදනවා. පාසල් තහනම් කරනවා කියනවා. මේ ගොල්ලෝ ශිෂ්‍යත්ව දෙනවා. තේරුම් ගන්න බැහැ. අර කටකතා හදන කට්ටිය කොහොමද මේක තේරුම් ගන්නේ...?
විශිෂ්ටයි, මැතිතුමණි, අපිට ජාතිවාදය එපා...
එකපාරටම මොකද මේ පිං අතේ වැඩක් කරන්න මතක්වෙලා තියෙන්නේ? ඕවා කරලා මිනිස්සු රවට්ටන්න බැහැ.
සෝමා කියල ලියන කෙනා ඇත්තටම ලංකාවේ ගෑණියෙක්ද? කිසිම දෙයක් දන්නේ නැති විදියට කමෙන්ට් දන්නේ නූගත්කම පේනවා..
ශිෂ්‍යත්ව දෙන්නේ ආණ්ඩුවේම සල්ලි වලින්නේ... කියන්නේ නම් අතින් දෙනවා වගේ... නිල නිවාසය හදන්න සල්ලි වෙන්කරලා ඒවා දෙන්න... ළමයින්ට ඒවා රටේ සල්ලි කතාව තමන්ගේ බූදලෙන් දෙනවා වගේ ....
මෙයාගේ පුතාට නේද අර ෂරියා විශ්ව විද්‍යාලයේ වැඩිපුරම කොටස් අයිතිවෙලා තියෙන්නේ. ඒවා ගැන පරීක්ෂණ කරන්නේ නැද්ද? මොවුන් අද දියත් කරන වහබ් වදන්ම මුලින්ම විනාශවෙන්නේ මුස්ලිම් සමාජයමයි.
අරාබි භාෂාව ඉගෙනගන්නද ශිෂ්‍යත්ව දෙන්නේ...?
තවුහීත් ජමාත් ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට ඔප්පු කල හැකි ඡායාරූප ඕනෑතරම් අන්තර්ජාලයේ සහ මාධ්‍යවල අපි දැක්කා. නමුත් දේශපාලකයන් තමයි මේවා ඔක්කොම වහන්නේ. මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් අසරණ වුණු අයට කරන ලොකුම ගෞරවය තමයි මෙයාව හිරබාරයට අරගෙන ප්‍රශ්න කරන එක....
මේ සල්ලි දෙන්න ඕනෑ... බෝම්බෙන් විපතට පත් වුණු අයට - නැගෙනහිර පළාතේ. එතැනදී කලෙත් බස්නාහිර කළා වගේම ආණ්ඩුවේ සල්ලි ටික තමන්ගේම එවුන්ට බෙදා ගත්තු එක... රටේ නායකයින්ගේ ඇස් පොට්ට වෙලාද? කන් බීරි වෙලාද?
සෝමා නංගිගේ මනිමේඛලාවට ලැබෙන සම්පත් බැලුවාම ඕක මොකක්ද?
ශිෂ්‍යත්ව දීම මොහුගේ පුදගලික මුදලින් කරනවා නම් හොඳ වැඩක්... නමුත් මොහු මේ බෙදන්නේ නිල නිවස අලුත්වැඩියාවට වෙන්කල මුදල්... මෙලෙස ඕනෑ ඕනෑ ලෙසට වැය ශීර්ෂවල මුදල් හිතූමනාපයට වැයකිරීමට හැකියාවක් නැහැ. මොහු නැවත නිලනිවස අලුත්වැඩියාවට මුදල් වෙන්කර ගනීවි. ඒවාත් ජනතා මුදල්. ඒ නිසා තමයි අපි කියන්නේ පළාත් සභා ලංකාවට නුසුදුසු සුදු අලින් කියලා...
ලක්ෂ 120 කියන්නේ 12,000,000 එතකොට 2000 ශිෂ්‍යත්ව ලබා දෙනකොට එක් අයකුට ලැබෙන්නේ 6000...
අපි ඕවට නෑ අපිට ඕවා බෑ
දැන් නිලනිවාසය අළුත්වැඩියා කරන්නේ නැද්ද ..? එහෙනම් ඒ මුදල් මොකටද ගත්තේ? පැහැදිලියිනේ අනවශ්‍ය ආකාරයට ආණ්ඩුවේ සල්ලි මොවුන් පාවිච්චි කරන වග.
කෝටි දෙකක්...!!! නිල නිවාස අලුත්වැඩියාවට වෙන්කළ මුදල ....?
මහජනතාවගේ සල්ලි පන්දු ගහන හොරු. අනවශ්‍ය නම් මොකටද සල්ලි වෙන්කර ගත්තේ.. ගෙය අලුත් කරන්න කියලා. මෙයාට තියෙන මහජන බලය මොකක්ද? කගේ හරි නැට්ටේ එල්ලිලා බලය ලබාගන්නවා. මොන නීතියටද මේ මුදල් බෙදා දෙන්න පුළුවන්... මුදල් රෙගුලාසි මෙයාලට නැද්ද? මේවාට උදව් කරන රජයේ සේවකයින්ට විරුද්ධව විනය පරීක්ෂණ තැබිය යුතුයි.
මේවට තමයි නරි නාටක කියලා කියන්නේ... මොහු අත දිගහැර තමන්ගේ වැරදි වහගන්න මේ බෙදන්නේ අපේම මුදල්. මහජනතාවගේ මුදල් මේ විදියට හිතුමනාපේ බෙදන්න මොහුට බලතල දුන්නේ කව්ද කියා පළමුව සොයාබැලිය යුතුයි. තම නිල නිවාස අලුත්වැඩියා නොකරන්නේ නම් ඒ මුදල් වහාම භාණ්ඩාගාරයට යැවිය යුතුයි. හිස්බුල්ලා ත්රස්තවාදීන්ට උදව් කිරීම සම්බන්ධයෙන් ඕනෑවටත් වඩා සාක්ෂි තිබියදී මොහුව අත්අඩංගුවට නොගන්නේ කාගේ බලපෑමකින්ද? මෙවැනි මැරයින්ට රටේ වෙනම නීතියක් තිබෙන්නේ කොහොමද?
බත් පැකට් එකට, අරක්කු බෝතලේට රැවටෙන අය ඉතින් මේවට රැවටෙයි.
මෙයා ලංකාවම අන්දවන්නයි මේ හදන්නේ... මෙයාගේ හිතේ ලංකාවේ මිනිස්සු තණකොළ කනවා කියලා.
මේ මුස්ලිම් නායකයන් තමාගේ වාසිය සඳහා තමයි මේ ෂෝ තියන්නේ.. අනිත් පැත්තට අන්තවාදයට උදව්කරනවා.
නිල නිවාසය අලුත්වැඩියා කිරීමට ලක්ෂ 80 වක් ප්‍රමාණවත් නම් ඒ අලුත්වැඩියාව ලක්ෂ 200 කට ඇස්තමේන්තුකලේ කවද? ඇත්තටම අලුත්වැඩියාවට ලක්ෂ 200 යනවානම් අලුත්වැඩියාව සඳහා වෙන්කළ මුදලින් ශිෂ්‍යත්ව දීම රජයේ මුදල් අවභාවිතයක් නේද? මේ මුදල් විගණනය කරන්න යන්නේ කොහොමද? ආණ්ඩුකාරයාට මුදල් හිතුමතේ වියදම් කරන්න පුලුවනිද?
අනාගතයේ මරණය දකිමින් ඉන්නයි වෙන්නේ...
මුස්ලිම් ළමයි 2000 ක් සඳහා එක්කෙනෙකුට රු 60000 බැගින් මේ බෙදා දෙන්නේ කාගේ සල්ලිද. මේ සල්ලිවලට සිංහල දෙමළ ළමයින්ටත් අයිතියක් තිබෙනවා නේද? අපේ සිංහල ළමයින්ට ඉතිරිකරන සම්පත් භුක්තිවින්දිනවා කියා මම නිතරම කියන්නේ මේනිසාය.