(අමදෝරු අමරජීව)
නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා වරදකරුවෙකු නොවන හෙයින් එම තනතුරෙන් ඉවත් කිරිම අනවශ්‍ය බවත්, එතුමා ඉවත් කිරීමට තමන් වහන්සේ විරුද්ධ බවත් මොරවැව ප්‍රාදේශීය සභාවේ සභාපති පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන හිමියෝ පැවසුහ.
ත්‍රිකුණාමලය ජෙකබ් පාර්ක් හෝටලයේදී අද (02) පැවැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් ප්රතිසංවිධාන කටයුතුවලට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ එසේ කීය. මෙම ප්රතිසංවිධාන කටයුතු පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදි මාධ්‍යයට අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් කළ පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන හිමියෝ ආණ්ඩුකාරවරයාගේ කටයුතු පිළිබඳව දේශපාලන අධිකාරියත් භික්ෂුන්වහන්සේලා ලෙස අපිත් සොයාබැලුවා. එතුමා කිසිම වරදකට සම්බන්ධ වෙලා නැහැ කියලා අපිට වැටහෙනවා යැයි උන්වහන්සේ පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසව් අසව් සෞදි රියාල් කතා කරයි...!
මේ මොකද මේ?
අනේ මෙයත්.....
සාදු කියන්න පින්වතුනි...
ඔය ජාතියේම තවත් උන්නාන්සේ කෙනෙක් කාලෙකට කලින් අපි දැක්කා.
හනේ කාලේ වනේ වාසේ කීවාලූ.. එක හිමියෙක් උපවාසේ අස් කරනු කියා . ඔන්න ලංකාවේ වැඩ .
සිවුර ගලවලා ගෙදර යන්න හාමුදුරුවනේ..!!! වචනයකින් හරි පව් පුරවාගන්න කැමති නැ අපි...
කොහේ ඉදන් පාත්වෙච්ච හිමි නමක්ද මේ? අර හෝටලයෙන් ත්රස්තවාදීන් පන්නාගෙන යන කෙනා බලලම කතාකරා නම්
ඔබ වහන්සෙ කියන්නෙ තනි පුද්ගලයෙක් පමනි, ඔබවහන්සේගේ ලිපිය සම්බන්දතාවය සැකයක් පහල වෙනවා
අපව ආර්ය උපවාදයට ලක්නොකර ඔය කතාව ඔතනින් නතර කළොත් හොඳයි.
හිස්බුල්ලාට පිරිත් නූලකුත් බඳින්න ඇති. මුන්නාන්සේට බුදු හාමුදුරුවන්ගේ නෙමෙයි ඥානසාර හාමුදුරුවන්ගේම පිහිටයි.
රජයේ බුද්ධි අධ්යක්ෂ තනතුරට මුන් වහන්සේ පත් කරන්න.
මොකක්ද දන්නේ නැහැ තියෙන හිස්බුල්ලාගේ ඩීල් එක
ඔබ වහන්සේ වගේ හිමිවරුන් රජකාලේ වුණත් හිටියා ...පුදුම වෙන්න දෙයක් නැහැ ....හරිම කනගාටුයී ...
මේ අය ගැන නේද? අනගාරික දර්මපාල තුමා කිවේ.
කොහොමද කලින්ම හිසබුල්ලා හොදයි කියන්නේ පරීක්ෂණ නොකර
මුළු රටම මේ වහබ්වාදීන් ප්‍රතික්ෂේප කරද්දී හාමුදුරුවො මොකද මේ.?
අනේ පවු ලංකාවට බුද්ධි අංශ ආරක්ෂක හමුදා පොලිසි උවමනා නෑ මුන් වහන්සේ වගේ අය තව 100ක් හිටියනම් කියල වැඩක් නෑ ලංකාවට දෙවියන්ගේම පිහිට ලැබේවා!
ඇත්තද හමුදුරුවනේ.
අවසරයි ස්වාමීනිඔබවහන්සේ මේක වදාරනකම්ම අපි දන්නේ නැහැ නොව බලන්න ස්වාමීනි එකෙත් හැටි හැබැයි මුළු ජාතියම ඔබ වහන්සේට ණයගැතියි මේ කරපු සොයා ගැනීමට !
අපෝ එක හාමුදුරුවෝ නමක් එකක් කියනවා මේ හාමුදුරුවෝ තව එකක් කියන්නේ
හරි, එහෙමනම් ගලගොඩඅත්තේ හාමුදුරුවන් ළඟ තියෙන වීඩියෝ බොරු ඒවාද ? රට ජාතිය මෙතරම් ශෝශනීය ඉරණමකට පත්වෙලා තියෙන මොහොතක දේශපාලකයන් වන්දනාමාන කිරීමෙන් වලකින්න. සැබෑ බොදු පුතෙකු ලෙස මේ වෙලාවේ හැසිරෙන්න.
ඔබ වහන්සේ ඔය ටික රතන හැමදුරුවොන්ට කියන්නකෝ. එතන ගොඩක් අය ඉන්නවා ඔබ වහන්සේ කියන දේ නොතේරෙන.
අනිත් දෙන්න යු එන් පී පක්ෂෙ නිසා අවුල්. හිස්බුල්ලා ජනාධිපතිගෙ පැත්තෙ නිසා අවුලක් නැහැ. මෙහෙමත් මිනිස්සු.
ඔබ වහන්සේලා වැනි භික්ෂූන් ගැන අපිට ලැජ්ජයි. අනික ප්‍රාදේශීය සභාවල සභාපතිල හැටියටත් මේ රටේ භික්ෂුන් ඉන්නවා කියල අපි මේ පුවතිනුයි දැන ගත්තේ. එක හිමි නමක් උපවාසේ ඔබ වැනියවුන් ජාතියටම කොකා පෙන්වමින් සාසනයටත් කොකා පෙන්වනවා. මොකක් ද මේකේ තේරුම. අගරදගුරු තුමා වැනි අයගෙන්වත් ආදර්ශයක් අරන් හැදෙන්න බලන්න.
සහරානුත් වරධකාරයෙක් නෙවෙයි. පව් අහිංසකය බොරු වරදකට පටලවලා
රටක පාලනය යනු රට තුල මෙන්ම ලෝකයෙන් රටට බලපාන සියලු ආකාරයේ සිදුවීම් හරි හෝ වැරදි වුවත්ඒ, ඒවා නිසා වියහැකි හානි අවම කිරීම හෝ නැත්තටම නැති කිරීම අරබයා ගනු ලබන උපාය උපක්රමයන්ය. රතන හිමිගේ උපවාස තුලින් මෝදුවෙමින් තිබෙන අන්තය පාලනය කරගත නොහැකි සුනාමියක් වනබවට ලොව සිදුවී ඇති අන්තවාදී අරගල ගැන දන්නා කාට උවද සක්සුදක්සේ පැහැදිලිය.
හාමුදුරු කෙනෙක් නිසා මුකුත් කියන්නේ නැහැ මම.
අනේ මෙහමත් හාමදුරුවරු.
ඔහොම චුට්ටක් වැඩ ඉන්න අපේ හාමුදුරුවනේ , තාම කට්ටිය නිවුස් එක දැකලා නැහැ , තව ටිකකින් කොමෙන්ට් වැටෙන්න පටන් ගනියි ඔබ වහන්සේට දීර්ඝායුෂ පතලා.
හිස්බුල්ලාට සල්ලි එන්නේ කොහෙන්ද කියල හොයලා බැලුවන්ම් හරි.
හාමුදුරුවො CID එකේද? ඇයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය මේ තරම් හිස්බුල්ලාට කැමති?
එහෙනම් වරද කරුවා?
තනතුරෙන්ම තේරෙනවා.
දේශපාලනය කරන මුන්නාන්සේට අවදානම නොපෙනේ. දුර දැක්මක් නැත වර්තමානයේ ජීවත් වේ
හිස්බුල්ලා සහ දයාසිරි දෙදෙනාම ඉවත් විය යුතුය
එකනේ අපේ හාමුදුරුවනේ, මේ බලන්නකෝ අහිංසක සත්ගුණවත් පින්වත් උපාසක හිස්බුල්ලාට කරන අවලාද ,
යුඑන්පි අයට බදුයුදීන් හොඳයි, නිදහස් පක්ෂයේ අයට අසාත් සාලි, හිස්බුල්ලා හොඳයි, පොහොට්ටුවේ අයට අතාවුල්ලා, කරැණා අම්මාන්, පිල්ලෙයාන්, තොන්ඩමන් හොඳයි. හැබැයි ඔය එක්කෙනෙක් හරි පිල් මාරැ කරොත් එදා ඉඳලා මිනිහා නරකයි. අනේ මන්දා ලංකාවේ දේශපාලනය.
දේශපාලනයේ ඉන්න අයට හොඳ නරක ඇත්ත නැත්ත තේරෙන්නැනේ නැති හැටි. ඔය වචන ටිකට මිලියන ගනනක් හම්බ වෙන්න ඇති. හිස්බුල්ලා කටයුතු කරපු හැටි සහ සල්ලි කොහෙන්ද ආවෙ, වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලන්න කටයුතු සැලැස්සුවෙ කව්ද දන්නෙ නැතිද හාමුදුරුවනේ.
බලන්න පිටිපස්සේ ඉන්න බවලත් නෝනා පැළදගෙන ඉන්න දඹ රන් මාලේ හැටි, එකේ උජාරුව නේද,
ලඟපාතක හිටියනම් මං එනවා ඔබවහන්සේ බැහැදකින්න.
අපි මේ ගැන කලබල වෙන්න ඕන නැහැ. මොකද මේවගේ අය ඉස්සරත් හිටියනේ...
මෙයා සිවුර දාගෙන නිකන් ඉන්න කෙනෙක්. ලොකු කුට්ට්යක් දීලා වගේ. බෞද්ධාගමටයි, සිංහලකමටයි නිගාවක්.. මේ වගේ ද්‍රෝහින් රජ කාලෙත් හිටියා... සිවුරට මුවාවෙලා හොරාකනවා.
“ජාතිය මිණි පහනක්වේ... ආගම රන් විමනක් වේ... මෙවන් භික්ෂුන් වදයක් වේ.. රටත්, දැයත් විනාශ වේ.”
දේශපාලුවන් කොහොමද සිල් රකින්නෙ....?
මොනවා කාලද? හිස්බුල්ලා කර තිබෙන වැඩේ වැලිකන්දේ සාදා තිබෙන ෂරියා විශ්වවිද්‍යාලය, එයට කිසිම නීතිමය අවසරයක් නැත.. අනෙක සෞදි අරාබියෙන් ලැබෙන ආධාර ඔවුන් ලංකාවේ බුද්දාගමට කරන අවමාන, අගෞරව, අපහාස, ජරා වචන මේවා ඇසීමට නම් ඔබ හාමුදුරුවන් සෞදි අරාබිගොස් වැඩ කරන්න, අපේ කරුමෙට ලංකාවේ රජයෙන් රටින් කිසිම හව්හරණයක් නොමැති නිසා අපි ඒ රටවල් දශක 3ක් සේවය කළා ඒ කරුමේ.
බලන්න මෙයා තව්හීද් ත්‍රස්තයෙක්ද කියලා. අපි දැක්කනේ සිවුරු පාත්තර මුස්ලිම් පල්ලිවල ගොඩගහගෙන තිබුණු බව...
පන්සල හැදුවෙ සහරාන් වෙන්න ඇති.
බත් කන්න දුන්නාම වෙන්නේ මේකයි...
ස්වාමින් වහන්ස.. ඔබ වහන්සේ සිංහලද? බෞද්ධද? ද්විත්ව පුරවැසිද? එහෙම නැතිනම් තව්හිද් ජමාත් එකේ සාමාජිකයෙක් වෙන්න හිතාගෙන උන්නද?
හාමුදුරුවනේ, ඔබවහන්සේත් අර චෝදනාවට භාජනය වූ කෙනෙක්ද?
මේ ඩොලර්ද, නැත්නම් වෙන ඉයුරෝද කතා කරන්නේ..?
තට්ටයා, ආවද මෙතන ආවද පන්දම් අල්ලන්න? බණක් භාවනාවක් කරන් ඉන්න. අපේ යකා අවුස්සන්නේ නැතුව...
මූනෙම්ම පේනවා ඔබ වහන්සේ කවුද කියලා...
දැන් 4දෙනෙක් හොයාගන්න එක තමයි ඉතුරුවෙලා තිබෙන්නේ...
මොහොමඩ් උපරතන හිමියන් හොඳ ඩීල් එකක් දාලා තියෙන බව මූනෙන් පේනවා. ජාතියට කෙලවෙලා තියෙන වෙලාවක අන්තවාදීන්ට සුදුහුණු ගාන්නේ නැතුව පාඩුවේ හිටියොත් හොඳ නැද්ද?
නියම සිංහලයෙක්..., මුස්ලිම් අය එක්ක එකතුවෙලා දෙමළව සමතලා කළා. කෝවිල් කඩා පල්ලි හදන්න සපෝට් කළා.
හාමුදුරුවෝ අර වීඩියෝව බැලුවේ නැද්ද?
මේ මුසල්මානුවන්ගේ දන් වළඳන තව කෙනෙක්. අමිලගේ ජාතියේ කෙනෙක්..
ඕකම තමා හිස්බුල්ලත් කියන්නේ