(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂාන් විතාන මහතා බෞද්ධ ප්‍රජාව කෙරෙහි අන්‍යාගමිකයන් තුළ වෛරයක් පතුරවන ආකාරයේ ප්‍රකාශයක් රූපවාහිනී වැඩසටහනක් මගින් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත අද (23) නියෝග කළාය.
පාස්කු ඉරිදා ප්‍රහාරය බෞද්ධ ස්ථානයක සිදුවුණා නම් අහිංසක මුස්ලිම් ප්‍රජාව මරමින් විශාල විනාශයක් වන බව පවසමින් හේෂාන් විතාන මහතා රූපවාහිනී වැඩසටහනේදී ප්‍රකාශ කර ඇත.
ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 290 (අ) වගන්තිය සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3 (2) වගන්තිය ප්‍රකාරව මෙම තැනැත්තා වරදක් සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පටු දේශපාලන වාසි වෙනුවෙන් නූගත්කම ප්‍රදර්ශනය කළ තවත් සුන්දර අවස්ථාවක්.. මෙවැන්නන් රට පාලනයට තෝරාගත් අයට අපගේ ප්‍රණාමය ...
මෙයා හිතන්නේ මාධ්‍යය ඉදිරියට ආවම වීරයෙක් කියලා. බෞද්ධ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට පැමිණ සුර සැපවිඳිමින් බෞද්ධයින්ටම දෙන නියායක් මෙයාට තියෙන්නේ.
දැන් නීතිය ක්‍රියාත්මක වෙයි මෙන්න කියලා.
මන්ත්‍රීවරයා කියා ඇති කතාව හරියටම හරි. පාස්කු ඉරිදා ප්‍රහාරය බෞද්ධ ස්ථානයක සිදුවුණා නම් 83 කලු ජූලියටත් වඩා විශාල ලේ වැගිරීමක් හා විනාශයක් විය හැකිව තිබුනා. සිංහල බෞද්ධයන් ට නිසි මග පෙන්වා ඔවුන් හික්මවා ගතහැකි හරි හමන් දේශපාලන හෝ ආගමික නායකත්වයක් නැතිවීම ඊට හේතුවයි. තිත්ත වුනත් ඇත්ත එයයි. දේශපාලකයන් නැතත් කාදිනල් තුමා අවශ්‍ය වේලාවේදී සැබෑ ලෙසම ආගමික නායකත්වය ලබා දුන් නිසා රටම තවත් විනාශයකින් ගලවා ගන්නට හැකි වුනා.
පියල් නිදහස් වෙලා හේශන් ඇතුලට යන්නත් බැරි නෑ. එහෙම දේවල් තමයි දැන් වෙන්නේ. හැබයි සාමන්‍ය මිනිහෙක් අතින් වචනයක් එහා මෙහා වුනානම් කෙලින්ම ඇතුලේ. අර සරසවි සිසුවාට වුනා වගේ. ඉදිරි ඡන්දකදී අලි, අත්, සීනූ සහ පොහොට්ටු විසිවෙලා අලුත්ම පිරිසක් එන්නත් ඉඩ තියෙනවා. මිනිස්සුන්ට එච්චරටම මේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ.
පගාව තමයි.. මෙයාලට ආයෙත් ඡන්දෙ එහෙම දෙන්න එපා. ජාතකේ වැරැද්ද? කලවම් වුණාම ඔහොම තමයි.