(මනෝප්‍රිය ගුණසේකර)
අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී විශ්‍රාමික මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න මහතාට පහරදුන් බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (21) නියෝග කළාය.
නඩුව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පැමිණීලි පාර්ශවයට කිසිඳු උනන්දුවක් නැතැයි හේෂා විතානගේ මහතා නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.
නඩුවේ සැකකරුවකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා මියගොස් ඇති බව මීට පෙර අවස්ථාවක අධිකරණයට දැනුම් දී තිබිණී.2ෙ
019 වසරේ නොවැම්බර් පළමුවැනිදා හෝ ඊට ආසන්න දිනයක කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටදී විශ්‍රාමික මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න මහතාට පහරදුන් බවට චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය මෙම නඩුව පවරා තිබිණී.ෙ
නඩුව කැඳවනු ලැබු අටස්ථාවේදී හේෂා විතානගේ මහතා අධිකරණයේ පෙනී සිටි අතර පැමිණීලිකාර විශ්‍රාමික මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත.
විත්තිකාර හේෂා විතානගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු දක්වමින් පැමිණීලිකාර විශ්‍රාමික මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න මහතා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් අවස්ථා දෙකකදී සිතාසි නිකුත් කර ඇතැත් ඔහු අධිකරණයට පැමිණ නැතැයිද නඩුව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පැමිණීලි පාර්ශවයට කිසිඳු උනන්දුවක් නොමැති හෙයින් විත්තිකරු චෝදනා වලින් නිදහස් කරන්නැයි ඉල්ලා සිටියහ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
හේෂා නඩුවකින් නිදහස්
ලක් අම්මා Thursday, 21 August 2025 04:29 PM
මටත් තියෙනවා නඩුවක්. ලිස්ට් එකෙන් නම කැපුවට.
ගමේ එකාලා Thursday, 21 August 2025 06:11 PM
තවත් නඩුවක් එයිද කියන්ඩ බැහැ. ලක් අම්මාව අන්දලා වටේ යවලා, ලැයිස්තුවෙන් නම අයින් කරපු එකට. ටීවී. නාළිකා ගානේ ගිහින් තම දුක ආසාධාරණය ගැන කියපුවා පව්...
Perera Friday, 22 August 2025 12:41 AM
ලක් අම්මගේ නඩුව නම් බලවන්නම ඕනෑ.