
(කේ බුද්ධික කුමාරසිරි සහ එච්.එස්. ඒ නන්දන)
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව කියන අයකු ගිනි අවියක් පෙන්වා තරුණයකුට මරණ තර්ජන කිරීම හේතුවෙන් හංවැල්ල පොලිසිය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් අද සවස ඇති විය
අදාල සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැමිණි කහහේන ප්‍රදේශයේ තරුණයෙකුට හංවැල්ල පොලිසිය තුළදී පොලිස් නිලධාරියකු පහරදීමෙන් පසු පොලිසිය අසලට ප්‍රදේශවාසීන් රැස්වී දැඩි නොසන්සුන්කාරී තත්තවයක් ඇති විය
හංවැල්ල කහහේන ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථානයක් ආසන්නයේ වෙනත් පිටත ප්‍රදේශයකින් පැමිණි චීවරධාරියකු ඇතුළු කිහිප දෙනෙකු එක්ව ප්‍රධාන විහාරස්ථානය ආසන්නයේම තවත් විහාර කුටියක් ඉදිකිරීම සදහා ඉඩම් කොටසක් බැලීමට යාමේදී ගම්වාසීන් සමග මතබේදකාරී තත්ත්වයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි
පසුව විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ පැමිණ තත්ත්වය සමතයකට පත් කොට එම පිරිස පිටත්කර යැවූ පසු සුළු මොහොතකින් නැවත එම පිරිස රැගත් වාහන දෙකක් එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී නැවත ගැටුමක් හට ගෙන ඇති බවද පොලිසිය පවසයි
චීවරධාරියා සමග පැමිණි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව කියන නැමැත්තා තමන් සතුව තිබූ පිස්තෝල වර්ගයේ ගිණි අවිය රැගෙන වෙඩි තබන බවට තර්ජනය කිරීමත් සමඟ ගැටුම්කාරී තත්වය වර්ධනය වී ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ආගමික ශ්‍රද්ධාව ඇතිකරවන්න මේ අය මහන්සි වන තරම්? සමහරු බුදුපිලිම හංදිගානෙ තියල ඕක කරනව, සමහරු කඳු කපල ආරාම හදල ඕක කරනව, සමහරු බුදුන් උපන්නෙ මේ රටේ කියල පොලවෙ පස් කන්න හදනව. හැබැයි මේ සේරටම යටින් සල්ලි. ඒක මේ රටේ නූගත් සමහර අයට වැටහෙනකොට තමන්ගෙ සේසතම මුන් හූරගෙන.
DIg කොහොමද මිනිස්සුන්ට පිස්තෝල දික්කරන්නෙ? ඒක කියන්න ආව මනුස්සයට පහරදෙන්න පොලිසියට තියන නීතිය මොකක්ද ? හන්වැල්ල වටේටම පාතාල ක්‍රියාකාරකම්.කප්පම් ගන්නව.නොදුන්නොත් මරනව.කී දෙනෙක් දැනට මුන් මරල තියද? ඒව වෙද්දි පොලීසිය මොකක්ද කලේ?; පොලීසිය නිදි.තවත් අතකින් පාතාල සල්ලිවලට ඔලුව නමනව.පොලීසිය තියෙන්නෙ සිවිල් මිනිස්සුන්ට ආරක්ශාව දෙන්න මිසක් තග දාන්න නෙවෙයි.නමට විතරද හන්වැල්ල පොලීසිය තියෙන්නෙ.හොදම දේ ඉන්න පිරිස වෙනුවට නව පිරිසක් දාල හන්වැල්ලෙ පාතාල වැඩ මර්දනය කිරීම
මේක මේ ආගමික ව්‍යාපාර ප්‍රශ්නයක් .ආදායම් බදු අයකරගන්න පටන් ගත්තොත් ඔය ඔක්කොම ආගම් කපෝතියි