IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


හලොවීන් සැමරුමක තෙරපී 149 ක් මරුට

දකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හලොවීන් සැමරුමක් අතරතුරේ හටගත් තෙරපීමකින්, එම සැමැරුමට එක් වුණු 149 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

තෙරපීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 80 ක් බවත් ඔවුන්ගෙන් වැඩි දෙනකු බරපතල තත්ත්වයෙන් පසුවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. මරණ තවත් ඉහළ යෑමට ඉඩ ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති.

මියගිය සහ තෙරපී තුවාල ලැබූ වැඩි දෙනා නව යොවුන් තරුණ තරුණියන්ය. මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට ඔවුන් සියලු දෙනා අවුරුදු 20 ට අඩු අයය.

හලොවීන් සැමරුම පැවැත්වූයේ සෝල් අගනුවර අයිටේවොන් නමැති පළාතේ පටු වීදියකය. සෝල් අගනුවර රාත්‍රී සමාජ ශාලා, අවන්හල් ආදිය බහුලව ඇත්තේ මෙමඅයිටේවොන් පළාතේය. ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් පනවා තිබූ සෞඛ්‍ය නීතිරීති ලිහිල් කිරීමෙන් පසු, එළිමහනේ සංවිධානය කෙරුණු, මුහුණු ආවරණ අනිවාර්ය නොවූ,පළමු හලොවීන් සැමරුම් උත්සවය මෙය විය.

හලොවීන් සැමරුම පැවැත්වුණු එම වීදියට එක් රොක් වී සිටි තරුණ තරුණියන් ගණන ලක්ෂයකට වැඩිය. පිරිස අතරේ සිටි කීප දෙනකු සිහිසුන්ව ඇද වැටෙද්දී, නොසන්සුන්තාවක් සහ කබලයක් හටගත් අතර, ඉන්පසු තෙරපීම සිදුවුණේ යැයි සිද්ධිය දුටුවෝ පවසති.

සිද්ධිය සැලවුණු සැණින් සෝල් අගනුවර ගිනි නිවන හමුදාව සහ සහන සේවා නිලධාරීහු වහා එහි ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට යුහුසුළු වූහ.මියගිය පිරිස අතර විදේශිකයන් දෙදෙනකු සිටින බවත් තවත් විදේශිකයන් 15 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් ගිනි නිවන භටයෝ පවසති.

සිද්ධිය ගැන කම්පාවට පත්වෙමින්, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අණ කර ඇත්තේ, සිදුවුණේ කුමක්දැයි වහා සොයා බලා තමන්ට ඒ බව දන්වන ලෙසය. තුවාල කරුවන්ට ප්‍රතිකාර ලබා දීමටත් අවශ්‍ය සහාය ලබා දීමටත් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ද ජනාධිපතිවරයා පියවර ගත්තේය.

හලොවීන් සැමරුම අතරතුරේ සිදුවුණු තෙරපීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇතුළු ලෝක නායකයෝ රැසක් සොව පළ කළහ.

හලොවීන් යනු මළවුන්, ශාන්තුවරුන් සිහි කරමින් පැවැත්වෙන සැමරුම් උත්සවයකි. සැමරුමට සහභාගී වන බොහෝ දෙනා හොල්මන්, අවතාර, පිසාචයන් ලෙස විකට ඇඳුමින් සැරසෙති.

බොහෝරටවල් ඔක්තෝබර් 31 සන්ධ්‍යාව හලොවීන් සැමරුම් ස‍ඳහා යොදා ගනී. හලොවීන් යනු බටහිර රටවල සැමරුම් උත්සවයක් වන අතර, කුඩා දරුවන්, තරුණ තරුණියන් අතරේ මෙය ප්‍රකටය. අද වනවිට බටහිර රටවල පමණක් නොව, අද වනවිට සෙසු රටවල ද හලොවීන් සැමරීම සිදුවෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

හලොවීන් සැමරුමක තෙරපී 149 ක් මරුට

awathaara Sunday, 30 October 2022 07:23 AM

සල්ලිකාර රටවල් වල මේ වගේ ඒගොල්ලොම හදාගත්තු උත්සව තියෙන්නේ... මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් පිස්සු නටන්නයි.

:       0       5

Kule Sunday, 30 October 2022 01:46 PM

මිනිස් රාක්ෂයින්ගේ අවිධිමත් උත්සව සංවිධානයක් නිසා අසරණ ජීවිත රැසක් නැතිවෙලා. මියගිය සැමට නිවන් සුව වේවා..!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27722 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18183 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10882 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 645 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 851 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site