
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම හා හලාවත ධිවරයන් තමන්ගේ පැරණි තෙප්පම යළි රැකියාව සදහා යොදා ගෙන ඇති ආකාරය දැක ගත හැකිය.
තෙප්පම්වල රැකියාවේ යෙදි සිටි ධිවරයන් වැඩි මසුන් ප්‍රමානයක් අල්ලා ගැනිමට මීට වසර 10කට පෙර එන්ජීන් සහිත බෝට්ටුවලට නැඹුරු විය.
ඉන්ධන නොමැති වීමත් පෝලිම්වල වැඩි කාලය ගත කිරීමට සිදුවීම නිසා මෙම තීරණය කළ බව ධීවරයෝ පවසති.
බෝට්ටුවලට හුරු වු ධිවරයන් යළි මේ දිනවල නැවත තම පැරණි තෙප්පම්වලට හුරු විමටත්, තෙප්පම් මිළදි ගෙන මුහුදු යාමටත් කටයුතු කිරීමට සිදුව ඇති බව ධිවරයෝ පවසති.
ධිවරයන් පවසන්නේ නැවත තම රැකියාවට තෙප්පම උපයෝගී කර ගැනිමට සිදුව ඇත්තේ පවතින ඉන්ධන ගැටළුව හේතුවෙන් බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව සති දෙකකින් ජනාධිපති ඔබගේ ප්‍රශ්න සියල්ල විසඳනවා... ජෙප්පෝ සහ සජිත් මිනිස්සු කලබල කරනවා.