
( ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත කොළඹ අතර ධාවනය වන සාමාන්‍යය සේවා බස් රථ සේවකයින් අද ( 27 ) උදේ සිට කාලයේ සිටි ධාවන කටයුතු වලින් ඉවත් වි වර්ජනයක නිරතව සිටිති.
කොවිඩ් 19 වසංගත තත්ත්වයක් උදාවී සාමාන්‍ය ජන ජිවිත කතඩා වැටි තිබිය දි ජනතාවලේ ගමන් පහසුව වෙනුවෙන් තමන් බස් රථ සේවාව අඛණ්ඩව පවත්වා ගෙන යන නමුත් මේ වන විට තම බස් රථ වලින් බලාපොරොත්තු වන ආදායමක් ලබා ගත නොහැකි බව වර්ජනයට එක්ව සිටි බස් සේවකයින් පෙන්වා දෙති.
මෙයට වඩාත් හේතුවි ඇත්තේ ඈත කාලයක පටන් දුර සේවාවන්හි නිරත බස් රථ කොළඹ හලාවත අතර ගමන් බිමන් යන මගින්ද රැගෙන යාම නිසා මගින් තම බස් රථවලට නොපැමිණෙන නිසා තම ආදායම් බහල ගොස් ඇති බවත් මෙයට කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙසට ඔවුන් බලධාරින් වෙතින් ඉල්ලා සිටිති.
කොළඹ සහ හලාවත පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති වල බස් රථ මෙසේ සිය ධාවන කටයුතු නතර කර ඇති බවත් කියති.
එහෙත් කොළඹ හලාවත අතර සුඛෝපභෝගි බස් රථ සුපුරුදු පරිදි ධාවනය වන බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර ඉන්න මගියා නාලා ලෑස්ති වෙලා එනකල් හෝල්ට් වල බලන් ඉන්නේ නැතිව. පයින් ගියත් ඉස්සර වෙලා යන්න පුලුවන් වේගයකින් නොයා මාර්ගයේ හරි නියමිත වේගයෙන් ධාවනය කරනවා නම් මිනිසුන් නගීවි. මිනිසුන්ට කාලය වැදගත්... ඒකයි ඉක්මණින් යන්න දුර බස්වලට නගින්නේ...