
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වාහනයට හෙල්මටයක් පැළඳ නැගි පුද්ගලයා තමාගේ ආරක්ෂාව සඳහා ස්වෙච්ඡාවෙන් පැමිණි පක්ෂයේ අයකු බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේ නම් ඒ සඳහා ඔහු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
දිසානායක මහතා මෙසේ පැවසුවේ එම හෙල්මට් සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ චෝදනාවකට පිළිතුරු දෙමිනි.
පක්ෂයේ නායකයන්ගේ ආරක්ෂාව සඳහා සාමාජිකයන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වී කටයුතු කරන බවද ඔහු කීවේය.
පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයේ යෙදුණු කණ්ඩායමක් ඇසූ ප්‍රශ්න වලට තමා පිළිතුරු දුන් බවත් වංචා දූෂණ කර පලා යන අයට ඉඩ නොදෙන ලෙස තමා එහිදී ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවත් අනුර දිසානායක මහතා පැවසීය.
එසේම අරගලය නතර නොකරන ලෙස ඒ පිරිසට දැනුම් දුන්නේ යැයිද ඔහු පැවසුවේය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදටත් විත්තිකරුවකු නැති බවත් එදා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපතිවරයාගේ මනස ගැන හොඳ වැටහීමක් පවතින හෙයින් ස්වෙච්ඡාවෙන් ආරක්ෂාව සපයා ගන්නා බවත් දිසානායක මහතා කීය.
තමා ගමන් කරන විට පක්ෂයේ සහෝදරයන් ආරක්ෂාව සපයන බව පැවසූ මන්ත්‍රීවරයා පවතින තත්වය යටතේ මෝඩ කමට බෙල්ල දීමට සූදානම් නැති බවත් සඳහන් කළේය.
ඝාතනයන්ට වගකිවයුතු පුද්ගලයකු මහ පුටුවේ සිටින විට නිදැල්ලේ හැසිරිය හැකි දැයි අනුර දිසානායක මහතා ප්‍රශ්න කළේය.
"අපේ ජීවිත ලාභයට ගොදුරු කරගන්න ඉඩ දෙන්නේ නැහැ. වාහනයට නැග්ගා පුද්ගලයා පරීක්ෂණයට ඉදිරිපත් කරන්න කියනවා නම් මා එසේ කරන්නම්.අසූ තුනේ නාටක යළි යළි ගොඩ නගන්න එනවා නම් එය අසාර්ථක බව මතක තියාගන්න.
"උඩුමහලේ ජීවත්වූ ජනාධිපතිවරයාට අද බංකරයක ඉන්නට සිදු වෙලා. ජනතාවගේ බලයට පාලකයන් තුෂ්නිම්භූත වෙලා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පිළිතුරක්...!
ජයවේවා... ! ඊළඟට ජොන්ස්ටන්ගේ ගෙදර වටලමු...
මේ වෙලාවේ ජේ. ආර්. තියරියෙන් තමයි වැඩ කරන්න වෙන්නේ. තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගැනීමෙන්. ඒකට කාටවත් මොනවත් කියන්න බෑ. දන්නවනේ මේ කට්ටියගේ වැඩ...!
මිරිහානේ බස්එකට ගිනිතිබ්බ කෙනා ගැන හොයපල්ලා...!
මේක ජනතාවගේ අරගලයක්... ජවිපෙ පිට දාන්න හදන්නේ මර්ධනය කරන්නද? එහෙම කළොත් ජනතාව ජවිපයට එකතු වෙනවා...
හරි අපි රැවටුණා. අම්මෝ හත්පොලේ ගාගත්තා නේද මහත්තයෝ...? ඔය කතා හොඳයි 3% වහල්ලුන්ට මහත්තයෝ...
පරාලේ නොදැක්කාට, පොල් කෙන්ද දකිනවනේ..., හෙල්මට් එකක් දාගෙන තමන්ගේ වාහනයට නැග්ගේ කවුද? හේතුව අනුර පාර්ලිමේන්තුවේදී කිව්වා...
අනේ... පිටිපස්සට නැග්ගේ මොකක් ආරක්ෂා කරන්නද? ඔක්කොම හොඳ නළුවෝ තමයි.
අනුර කුමාර දිසානායක මේ ගැන පාර්ලිමේන්තුවේදි දුන්නා කට්ටියගේ කරටි කැඩෙන්න.මෙච්චර ප්‍රශ්න තිබියදී,ආණ්ඩුවේ දේශපාලුවෝ අනුර කුමාර දිසානායකගේ වැරදි හොයා හොයා යනවා.පේන්නෙ සියලුදෙනාම අනුර කුමාරට හොඳටම බයවෙලාවගේ.
ඕකට හරියටම හේතුව හෙයොගත්තොත් මේ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු ලැබේවි වගේ... මොනතරම් කුහකද? 3%ක් තිබුණාට සේරම අනුරට බයයිනේ... අන්න නිරූපමා, සේනාධිපති රටින් පැන්නා. ඔවුන් ගියේ අපේ ධනය සොරකම් කරගෙන, ඒක අවුල් නැහැ නේද..?
හෙල්මට් දාපු එකා ගැන හොයන්නේ අර කියපු ඉඩම් ඔප්පු කොමිස් ගැනත් හොයන්න කියමු නේද...?
පෙරේදා නිට්ටඹුවේදී මගේ වාහනය නවතුවේ පන්දම් අතට ගත්ත උද්ගෝෂණය කරන හම්බයින් සෙට් එකක්.හම්බයින්ට පාරේ වාහන නවත්වන්න බලය දුන්නේ ජෙප්පො නේද? රට හමබයට යන්න දෙන්න එපා.