
(අංජුල මහික වීරරත්න)
කැලණිය හෙලේනා විජයවර්ධන බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (27) පැවැත්වීණි.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සමඟ එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව කැලණිය හෙලේනා විජයවර්ධන බාලිකා මහා විද්‍යාලයට මෙම අවස්ථාව හිමි වී තිබේ.
හෙලේනා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකාවන් හට අනාගත නායකත්වය, පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය, පාර්ලිමේන්තුවේ කාර්යභාරය සම්බන්ධව දැනුම්වත් කිරීමක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී, නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් සිදු කෙරිණ.
ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායකවරයකු දිවුරුම් දීම සහ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමද සිදු විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දරුවා දන්නවා කතානායක තොප්පිය හරියට පළඳින්න.