(සමන් පාලිත නානායක්කාර )
සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ හල්දුම්මුල්ල ලංකා බැංකු ශාඛාව අද (29 ) සිට තාවකාලිකව වසා දැමූ බව හල්දුම්මුල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජීවන ප්‍රසන්න මහතා පැවසීය.
අහඹු පී.සී.ආර්. පරීක්ෂණයක ප්‍රතිඵල අනුව මෙම ලංකා බැංකු සේවිකාවට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මෙසේ කොරෝනා ආසාදනය වී ඇත්තේ හල්දුම්මුල්ල බෙරගල පදිංචි ලංකා බැංකු සේවිකාවකට බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා පැවසීය.
මේ අනුව ලංකා බැංකු ශාඛාවේ සියලුම සේවක සේවිකාවන් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කර ඇති අතර සෙසු ආශ්‍රිතයන් සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.