IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


හාල් තියෙන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණයි

(අංජුල මහික වීරරත්න)

රටෙි පවතින  සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව අග්‍රාමාත්‍යවරයා පත් කළ අත්‍යවශ්‍ය  භාණ්ඩ හා සේවා පිළිබඳ සොයාබැලීමේ කමිටුවේ දී අද (23) අනාවරණය විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම කමිටුව රැස් විය.

ලංකාවෙි මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන්  ලක්ෂ දෙකක් බවත් සැප්තැම්බර් මැද වන විට දැනට පවතින සහල් තොගය අවසන් වන බවත් එම කමිටුවේ දී ප්‍රකාශයට පත් කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ ආහාර හිඟවීමේ අර්බුදයට මුහුණදීම සඳහා විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතු බවයි.

ආහාර භෝග ,පශු සම්පත් අපනයන භෝග, පොහොර, බීජ  සහ ඉන්ධන ගැටලු පිළිබඳව එහිදී  දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඒවාට මුහුණදීම සඳහා ගත යුතු කෙටිකාලීන හා දිර්ඝ කාලීන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අගමැතිවරයා කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුළු ඊට අනුබද්ධ ආයතන වල නිලධාරීන්ට උපදෙස්   දුන්නේය.

ඊලඟ කන්නයේ අස්වනු නෙලීමට හැකිවන්නේ පෙබරවාරි මාසයේ නිසා එතෙක් ඇති විය අහාර හිඟයට කඩිනම් විසඳුම් සෙවිය යුතු බව කී අග්‍රාමාත්‍යවරයා විශේෂයෙන් නාගරික ප්‍රදේශ වලට ආහාර සැපයීම පිලිබඳ අවධානය යොමු කළ යුතු බව සඳහන් කළේය.

එ් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වරාය හා නාවික කටයුතු පිළිබඳ  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ  ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කෙරිණි. 

බස්නාහිර හා දකුණු පලාත්වල වගා සංග්‍රාමය හා අහාර සැපයීමෙිසඳහා කටයුතු  අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී  මධුර විතාන, විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සහ එජාප සභාපති  වජිර අබේවර්ධන මහත්වරුන් සහ  කොළඹ පුරපතිනී රොසි සේනානායක මහත්මිය ඇතුළත් කමිටුවක් පත් කෙරිණි.



අදහස් (1)

හාල් තියෙන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණයි

sun-RICE Monday, 23 May 2022 08:18 PM

හා එහෙමද..? උදැල්ලක්වත් අතට නොගෙන පෙළපාලි යන අපේ තරුණකැලට එහෙමනම් පුන්නක්කු කවමු..! එතකොට වගාවට පොහොර ටිකක්වත් දෙයිනේ..!!!

:       17       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 178 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 385 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 163 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site