
(සුජිත් හේවාජුලිගේ )
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයාට බාර දෙන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත්. පී. පෙරේරා පවසයි.
අධිකරණ අමාත්‍යවරයා ඔහුට අදාළ සියලු වගකීම් පැහැරහැර ඇති බව ඔහු සඳහන් කළේය.
මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවය නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් නානායක්කාර මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට ඉකුත් 10 වනදා පාර්ලිමේන්තුවේදී අත්සන් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිහා තරම් කෙනෙක් රටේම නැතිව ඇති... කළුතර මිනිස්සු ලැජ්ජා විය යුතුයි මේ වගේ මිනිහෙක් පස්සේ යනවා නම්...
ඔය පිස්සු වැඩ නවත්තලා ඊළඟ ඡන්දෙට ලෑස්ති වෙනවා හලෝ. ඔහෙලා අනාථයි...
මාධ්‍ය සාකච්ඡාවක ප්‍රශ්නෙකට උත්තර දීගන්න බැරුව දුවන මහලොකු අධිනීතිඥයො, විශ්වාස බංග ගේනවා. ජනතාව විශ්වාස කරන මිනිස්සු තමයි ඒවා කරන්න ඕන. මේ අය කවුද?
කරකියා ගන්ඩ දෙයක් නැතුව ඉන්න විපක්ෂයේ දූෂිත දේසපාලුවෝ.. කලින් හිටපු අධිකරණ ඇමැතිවරු ගැන නම් දන්නෝ හොන්දාකාරවම දන්නවා. ඒ කාලේ බයටම කටවල් වහගෙන හිටියේ...
බොරු, කාලය මුදල් කා දමන වැඩ නොකර ඉන්න ළමයිනි...