IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හර්ෂගෙන් මුදල් ඇමැතිට ලිපියක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නියාමනය කෙරෙන නීති නැති හෙයින් ඔන්ලයින් කැසිනෝවලින් රටට රුපියල් කෝටි ගණනින්  ආදායම් අහිමි වෙමින් පවතින බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තුකාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා මුදල් අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දෙයි.

ඔන්ලයින් කැසිනෝ නියාමනය කිරීම සඳහා ඉක්මන් පියවර ගන්නැයිද  ඔහු ඉල්ලා සිටි.

කැසිනෝ ඇතුළු සූදු ව්‍යාපාරවලින් අය විය යුතු හිඟ බදු අය කර ගැනීමට හා මෙවැනි ව්‍යාපාර සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට ඉතාමත් වැදගත් වන නියාමන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය නීති සම්මත කර ගැනීමට කඩිනම් කටයුතු යොදන ලෙස සහ එය තවදුරටත් පමා නොකරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අනතුරුව, කාරක සභාව විසින්   2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනතේ 3 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 4 වැනි වගන්තිය යටතේ ඇති රෙගුලාසි සහ එම පනතේ 3 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 4 වැනි වගන්තිය යටතේ නියෝගයක් සලකා බලන ලදී. ඉන් අනතුරුව කාරක සභාව එම   නියෝගය සහ රෙගුලාසිය අනුමත කළේය.

එමෙන්ම 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 27 වැනි වගන්තිය යටතේ වන නියෝගය ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අනුමත කළේය

මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නිමල් ලාන්සා, මයන්ත දිසානායක, චන්දිම වීරක්කොඩි, (ආචාර්ය) නාලක ගොඩහේවා, හර්ෂණ රාජකරුණා, මධුර විතානගේ මහත්වරුද  සහභාගි වූහ

 



අදහස් (4)

හර්ෂගෙන් මුදල් ඇමැතිට ලිපියක්

shantha Tuesday, 11 June 2024 05:12 PM

මිනිහා හිතාගෙන ඉන්නවා " මම තමයි ආර්ථික ඔස්තාඩ් " කියලා. රනිල් මහබැංකුව කඩද්දි රනිල්ගේ " වැඩ බැරි " ආර්ථික පුරෝහිතයෝ 3 දෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ හර්ෂ කියන්නේ . අනික් වැඩ බැරි ඔස්තාඩ් තමයි එරාන් , අනිකාට තාම නඩුවක් තියෙනවා ශ්‍රී ලන්කන් එකේ දුෂණයක් ගැන. දැන් මේ වැඩබැරිෂ් ලා මෝඩ කයියදාසගේ පුරෝහිතයෝවෙලා.

:       1       2

Ramani Tuesday, 11 June 2024 05:31 PM

මොලේ අමාරුකාර රස්තියාදු කාරයෙක්.

:       1       2

ind Tuesday, 11 June 2024 06:18 PM

මහ බැංකු සේවකයන්ගේ හොරාට පඩි වැඩිකර ගත්ත එකට මොකද උනේ ?

:       0       2

PATTA hora Tuesday, 11 June 2024 07:31 PM

අලේ මල්ලල්ලෑ.... මූ වැට උඩ ඉන්න පූසා වගේ. එහෙට කතා කරනවා, මෙහට කතා කරනවා. මිනිහා හදන්නේ, පනින්න ඉස්සෙල්ලා ගාන වැඩි කරගන්න.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1061 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site