(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියමින් පොලිස් විශේෂ කාර්ය බලකායේකුරුණෑගල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙනකුරුණෑගල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා භාර දී තිබූ කාන්තාවක් අද (16) උදෑසන පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයිපොලිස් ආරංචි මාර්ග ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ පලා ගොස් ඇත්තේ කුරුණෑගල වැව ගල පාරේ පදිංචි කාන්තාවක් බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ කුරුණෑගල කඳවුරේ පොලිස් පරීක්ෂක ජයරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදාවැටලීමක් සිදුකර සැකකාර කාන්තාව හෙරොයින් ග්‍රෑම් 6mg 110 ක්ද සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි යැයි එම බළකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නිලධාරීන් සේවයෙන් ඉවත් කරන්න.
පොලිසියේ අයගේ සහයෝගය නැතිව ඔහොම පැනලා යන්න බැහැ.
හොයලා බැලුවොත් පොලීසිය ඇතුළෙන්ම ලැබුණු සහාය දැනගන්න පුළුවන් වෙයි...