
(අංජුල මහික වීරරත්න)
ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඕස්ට්‍රේලියා ක්‍රිකට් සහ රග්බි නිලධාරීන් සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බව සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත හරීන් ප්‍රනාන්දු මහතා ඕස්ට්‍රේලියා ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩා අංශ වලට ශ්‍රී ලංකාවේ සංචාරක වෙළෙඳ නාමය ඇතුළත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාවේ මනරම් වෙරළ තීරයන්, පෞරාණික ඓතිහාසික ස්ථාන, වන ජීවීන්, ත්‍රාසජනක ක්‍රීඩා සහ සංස්කෘතික අත්දැකීම් ප්‍රදර්ශනය කරමින් ඕස්ට්‍රේලියා ක්‍රීඩාලෝලීන්ගේ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම පිළිබඳව සාකච්ඡා සාර්ථක බව ද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ශ්‍රී ලංකා සංචාරක තානාපති සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සභාපති චාලක ගජබාහු මහත්වරුන් සමඟ එක් ව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පර්ත්, සිඩ්නි සහ මෙල්බර්න් හි ප්‍රමුඛ සංචාරක හමු තුනක් ද සංවිධානය කළේය.
අභාවප්‍රාප්ත ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ සොහොයුරා වන ජේසන් වෝන් ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් මෙල්බර්න් නුවර පැවති උත්සවයකට සහභාගී වූ බවත් එහිදී අදහස් දැක්වූ ජේසන් වෝන්, පසුගිය වසරේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ප්‍රශංසා කළ බවත් අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු නැති උනත් ඇමති තුමා සංචාරය කරනවා නේ. ඒ හොඳටම ඇති.
ඕස්ට්‍රේලියා ඇවිත් හොඳට සැප අරං මහජන මුදල් විනාශ කරලා පින්තූර දෙක තුනක් අරං මහජනයා ගොනාට අන්දලා යනවා... අවුරුද්දකින් විමර්ශනය කරලා ඕනේ මේ සංචාරයෙන් ඇත්තටම වැඩක් උනාද කියලා ... නැතිනම්, ඒ වියදම මෙතුමාගෙන් හරි තාත්තාගෙන් හරි අයකරගන්න වෙනවා....
හරින්ගේ මේ ගමනින් ලංකාවට වෙන සෙතේ නම් හොඳට පෙනෙනවා.
රවුමක් ගහන්න හිතුනු නිසා යන්න අති? නතිනම් සූම් එකෙන් ස්කයිප් එකෙන් කතා කරල ඊමෙල් එකක් යවල වීඩියො එකක් යවල කරගන්න තිබුනු වැඩෙනෙ?
හරීන්ගේ ඔය වැඩ නිකන් ලැබෙන පින්පඩි වලින් ලැබෙන දේවල් .මෙම කටයුතු ලංකාවේ දේශගුණය සහ බැලිය යුතු තැන් පිලිබඳ හොඳින් දන්න අය සමග විය යුතු නේද ?
මෙහෙමත් කාලකන්නි