ඩි.ජි.සුගතපාල
නීතිවිරෝධි ලෙස බහුදින යාත්‍රාවකින් නවසිලන්තය බලා යාත්‍රා කරමින් සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් 30 ගෙන් අට දෙනෙකු 21 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (8) නියෝග කළේය.
එහි සිටින හමුදා සෙබලුන් දෙදෙනා බන්ධාගාරය මගින් බූස්ස හමුදා කඳවුරට බාර දිමටත් අනෙකුත් පිරිසෙන් එක් අයෙකු රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇපයක් මත මුදා හැරිමටත් මහෙස්ත්‍රාත්වරයා නියම කෙරිණි.
රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ යාත්‍රාවේ හිමිකරු ,මුදල් එකතු කර සංවිධානය කරන ලද පුද්ගලයා සහ එහි කාර්ය මණ්ඩයේ සේවය කළ අය සහ හමුදා සෙබලුන් දෙදෙනා වේ.
හලාවත. පල්ලම,රත්ගම,බලංගොඩ ආදි ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම පිරිස අතර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු ද, යුද හමුදාවේ සේවයේ නියුතු දෙදෙනෙක් ද ගුවන් හමුදාවේ සිට සේවයෙන් ඉවත්වු දෙදෙනෙක් ද වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ නඩුවාරයේදී එයාලා හොයන්න නවසීලන්තයට යන්න වේවි...
මිනිසුන්ට රටේ ජිවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න. ඔවුන් රටින් පැන නොගොසින් සිටීවි.