
(ඉන්දිකා රාමනායක)
කලවංචිකුඩි වෙරළ ප්‍රදේශයේ ඊයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් ගත වීමට උත්සහ කළ පුද්ගලයන් 40 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාව සහ හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් පි 4443 වේග ප්‍රහාරක යාත්‍රාව, මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් නිරික්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් ඇති අතර එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කල බවට සැක කෙරෙන ජාවාරම් කරුවන් දෙදෙනකු ඇතුළුව වයස අවුරුදු 12ත් 50ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයන් 17ක්, එක් කාත්තාවක් (01) සහ පිරිමි දරුවකු සමඟ එම බහුදින ධිවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා භාරයටගත් බහුදින ධිවර යාත්‍රාවේ අබලන් තත්වය සහ මුහුදේ රළු ස්වභාවය මත එම බහුදින ධිවර යාත්‍රාව ගොඩබිමට ඇදගෙන එමින් සිටියදී මුහුදු බත් වී ඇති අතර, නාවික හමුදා බාරයටගත් නීති විරෝධි ලෙස සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිස සහ ජාවාරම් කරුවෙන් දෙදෙනා නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවත් වෙන්න සල්ලි නැත්තම්, කන්න බොන්න නැත්තම්, අඩුම වීල් එකක් දුවලා කීයක් හරි හම්බ කරගන්න විදියක් නැහැ.. මිනිස්සු රට අතහැර යන්නේ අවසාන විසඳුමක් විදියට මිසක්... යන මිනිස්සුන්ට යන්න දෙන එක තමයි දැනට තියෙන විකල්පය...!
මේ තරුණයන්ටවත් අනාගතයක් තියෙන්න ඕනේ. රට යන්න හදන්නේ ජීවත් වෙන්න මෙහි ක්‍රමයක් නැති හින්දා, මොන ක්‍රමයකින් හරි යන්න දෙන්න... මෙයාලාව තවත් අගාධයට ඇද දමන්න එපා.
මේක දුෂිත පාලකයින් විසින් ජනතාව ග්‍රහණයට ගනිමින් මංකොල්ල කන ජාතීන් වෙසෙන රටක්. කරුණාකර, මේ අධමයින්ගේ ග්රහණයෙන් මිදී පැන යන අසරණ ජනතාවට උදව් කරන්න. මේ ජනතාව ජාත්‍යන්තරයේත් අනුකම්පාවට ලක් විය යුතුයි.