
(රෝෂන් තුෂාර)
හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කරමින් රේගුවට හොරෙන් ලියාපදිංචි කළේ යැයි කියන සුඛෝපභෝගී වාහන 19 ක් වහාම අත්අඩංගුවට ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අල්ලස් කොමිසමට අද (25) නියෝග කළාය.
මිට්සුබිෂි වර්ගයේ මොන්ටේරෝ වාහන 09 ක් හා ටොයෝටා වි 8 ජීප් රථ දහයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරිණි.
එම වාහනවල වත්මන් හිමිකරුවන් වන ව්‍යාපාරිකයන්ගේ නම් ලිපින සහ වාහන අංක අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් ඔයාලා ආණ්ඩු ගත්තා නම් මෙහෙමවුන් අල්ලනවද? දැන් කියාවි ඊර්ෂ්‍යා ක්‍රෝධය පතුරනවා කියලා. මේවා විය යුතු දේවල්...
දැනටමත් ඔය වාහන වල උප්පැන්න සහතික වෙනස් කරලා ඇති වාහනයක් හොර රහසේ ආනයනය කරන්නේ කොහොමද?
නම් ගම් සහිතව ප්‍රසිද්ධ කරන්න . කිසිම වංචාකාරයෙක් සමාජයෙන් සඟවන එක යුක්ති ගරුක පුරවැසියනට කරන අසාධාරණයක් , මේව මෙම පාලනයක හෙලිදරව්වනවා විනා වෙනත් පාලනයකදී සසිදුවිය නොහැක. මේ රජය අසමත්, පොරොන්දුව කඩනවා කියන අයට කියහැක්කෙ අප මේ රජයෙන් බලාපොරොත්තු වන්නේ මෙවැනි උන්ට සහ අසාධාරණ ලෙස ධනය උපයාගත් උන්ට නීතිය ඉටු කර ඒවා අත්පත් කර ගැනීමයි.
හොර රහසේ රේගුවෙන් සාක්කුවේ දාගෙන ගිහින් තියෙන්නේ, නැද්ද උකුස්සෙක්, රාජාලියෙක් මේ ගැන හොයන්න.