IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හොරෙන් ගෙනා රතු සීනි තොගයක් රේගුව අල්ලයි

(යොහාන් භාසුර)

සුදු සීනි යැයි රේගුවට ප්‍රකාශ කරමින් ඉන්දියාවෙන් ආනයනය කළ රතු සීනි මෙට්‍රික්ටොන් 600 ක් පෑලියගොඩ පිහිටි රේගුව ගබඩාවේදී අද (6) භාරයට ගැනීමට රේගු නිලධාරීහූ සමත් වූහ.

සුදු සීනි මෙටි්‍රක්ටොන් 1200 ක් ආනයන කරන්නේ යැයි රේගුව නොමඟ යවමින් මෙම රතු සීනි මෙට්‍රික්ටොන් 600 ආනයන කර ඇති බවත් රතු සීනි ආනයනය සීමාකර ඇති බවත් රේගුව වැඩි දුරටත් කීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එම ගබඩාවේදී අද පස්වරුවේ එම සීනි තොගය පරීක්‍ෂා කළේය.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (8)

හොරෙන් ගෙනා රතු සීනි තොගයක් රේගුව අල්ලයි

Santhu Friday, 06 January 2023 09:10 PM

මෙහෙමත් විනාශයට හොර කමට ඇබ්බැහි වූවන් අල්ලා වසර ගානට සිර දඞුවම් දෙන්නම ඕන. නැතිනම් කදාවත් මෙවැනි තුප්පහි ක්‍රියාවන් නතර නොවේ. බඩු මිල අහස උසට නැල ඡීවත් වෙන්න විදියක් නැහැ කියමින් හඞන්නෙත් මේ හොර තක්කඩීන්මයි. ඉතින් රට ගොඩ යයිද?

:       0       15

ajithSaturday, 07 January 2023 10:56 PM

සුදු සීනි යැයි රේගුවට ප්‍රකාශ කරමින් ඉන්දියාවෙන් ආනයනය කළ රතු සීනි ගෙන්වන ලද සමාගමේ රජයෙන් ලබාදී තිබෙන්වූ license revoked or suspended for 5 years. රටේ නීතිය අනුව නැවත මෙවැනි කටයුතු සිදුවීම අවම කරගැනීමට හැකියාව පවතී සහ මෙවැන්නක් කිරීමට දෙවරක් සිතනු ඇත.

:       0       5

පැරකුම් Saturday, 07 January 2023 07:07 AM

ටිකක් හොයල බලන්න අර ගෝටගෙ සීනි බදු වංචාවට හවුල් උන එක්කෙනාම වෙන්න පුලුවන්.

:       5       15

damith Saturday, 07 January 2023 08:50 AM

විපක්ෂේ එකක්ද ? කොමිසොන් නැද්ද ?

:       2       4

මරික්කාර් Saturday, 07 January 2023 01:53 PM

මහජනයා ගොනාට අන්දනවා කතාව...

:       4       1

චන්දිම Sunday, 08 January 2023 11:32 AM

සියට ලක්ෂ වාරයක් ෂුවර් හොඳට බලන්න මේ වංචාව කරපු අයට කවදාවත් දඬුවමක් නම් ලැබෙන්නේ නැහැ නැහැම තමයි. මේ වගේ අනන්තවත් වැරදි කොච්චර කළත් එක්තරා පැලැන්තියකට කවදාවත් දඬුවම් කියාලා දෙයක් නම් ලැබෙන්නේ නැහැ. ඔබ දන්නවනේ මේ කියන පැලැන්තිය කාගේ කවුද කියාලා. ඔය සමහරු තමයි දේසපාලුවන්ට චන්දෙ කරන්න සල්ලි පොම්ප කරන්නේ. දේසපාලුව දිනුවට පස්සේ මේ වංචනිකයෝ අති සුරක්ෂිතයි.

:       0       2

fairoos Sunday, 08 January 2023 07:21 PM

අනේ අපෝ බලන්නකෝ වංචාවේ තරම... ? මේක නිකන් අපේ නන්දසේන පොහොර ගේන්නේ නැතිව සල්ලි විතරක් ගෙවපුවා වගේ නේද?

:       0       0

Sooriyasena Ambawatta Monday, 09 January 2023 11:02 AM

C B මංකොල්ලය හැර ලංකාවේ වංචාවක් මම කවදාවත් දැකලා නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site