IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘හරිත ටී.වී’ නාලිකාවේ විකාශන කටයුතු ඇරැඹෙයි

(ඩයනා උදයංගනී)

කෘෂි, වාරි හා ධීවර ක්‍ෂේත්‍රයන්හි නියුතු වූවන්ගේ ආකල්ප වෙනසක් තුළින් ඔවුන් ආලෝකය වෙත ගෙනයාමේ අරමුණ ඇතිව කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය මගින් දියත් කරන ‘හරිත ටී.වී’ නාලිකාවේ විකාශන කටයුතු ආරම්භ කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී අද (31) සිදුකෙරිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ජිනරතන අධ්‍යාපන පාලක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන යන මහත්වරු  නව නාලිකාවේ විකාශන කටයුතු සුභ මොහොතින් ආරම්භ කළහ.

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ අදහසකට අනුව මෙම නාලිකාව ආරම්භ කර තිබේ.

මෙරට තුළ යළි පෙරදිග ධාන්‍යාගාරය ගොඩනැගීම මෙහි අරමුණ වී ඇත.

ඩයලොග් ටීවී නාලිකා අංක 16, පියෝ ටීවී නාලිකා අංක 9 ඔස්සේ හරිත ටීඩී රූපවාහිනී නාලිකාව විකාශය කෙරේ.

මෙහිදී අදහස් දක්වමින් ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ මෙසේ පැවසූහ.

'මෙය අපේ නායක හිමියන්ගේ අදහසක් මල්පළ ගැන්වීමක්. දකුණු පළාතේ ලොකුම පැළ තවාන තිබුණේ අකුරැස්ස ඌරුමුත්තවත්තේ. අක්කර 850ක් පමණ වන එහි අදත් මහෝගනී ගස් ලක්‍ෂ තුනකට වඩා, තේක්ක ගස් 70,000ක් පමණ මෙන්ම අගාවුඩ් ගස් ලක්‍ෂයක් තිබෙනවා. ඒ බොහෝ ගස් අපේ විහාරස්ථානයේ දායක පවුල්වලට සම්බන්ධ කර ආරක්‍ෂා කරගැනීම සිදුකරනවා. ඒවා බොහෝ දුරදිග සිතා බලා කළ වැඩ.

අපේ රටේ කෘෂිකර්ම අමාත්‍යාංශයක්, කෘෂිකර්ම ඇමතිවරයෙක් ඉන්නවා. කෘෂිකර්මය නගා සිටුවීමට එදා මෙදා තුර විශාල පරිශ්‍රමයක් දරා තිබෙනවා. නමුත් අපේ රටත් සමඟ එකට ආ තායිලන්තය, වියට්නාමය, මැලේසියාව, බුරුමය වැනි රටවල් දෙස බලන විට ඒ රටවල් තම දේශීය ආදායමට වාර්ෂිකව එකතු කරන ප්‍රතිශතය කෘෂිකර්මයෙන් එක්වෙන්නේ නැහැ.

තාමත් අපේ එළවළු පළතුරු අපනයනය කළ හැකි ප්‍රමිතියට සකස් වෙන්නේ නැහැ. රජයට මේ වෙනුවෙන් දැඩි අවශ්‍යතාවක් ඇති බව පෙනෙන නිසා අපේ දායකත්වය දැක්විය යුත්තේ කෙසේ දැයි සිතුවා. අපි අපිත් සමඟ සිටින ගොවි පවුල් වෙත අඩු කාලයක් තුළ වැඩි පලදාවක් දෙන භෝග මේ වන විට හඳුන්වා දී තිබෙනවා.

අපිට මේ නාලිකාව සමඟ උතුරු නැගෙනහිරත් මේ කටයුතු කරන්න පුළුවන්. මෙහි ආගමික පසුබිමක් තුළ යහපත් කෘෂිකර්මාන්තයක් කරායාම අරමුණු කරගත් නාලිකාවක්. මම පරිප්පු බීජ කිලෝ 100ක් ගෙනත් අපේ ආදර්ශ ගොවිපල 5ක අත්හදාබැලීම් කර අක්කර 6ක් වගාකර තිබෙනවා. කාදිනල්තුමාත් තමා පුත්තලම පැත්තේ කරන වගාවක් ගැන මට පවසා තිබෙනවා. නිල්වන් ගොයමයි රන්වන් සිවුරයි අපේ උප සංස්කෘතියක්. මෙය ගංගාරාමේ නාලිකාවක් නෙවෙයි. දැයේ නාලිකාවක් විදියටයි ගෙනියන්නේ."

වරකාගොඩ ඥානරතන අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහ නා හිමියෝ මෙහිදී රැස්ව සිටි පිරිස පංචශීලයෙහි පිහිටවූහ.

දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශවයේ අනු නා හිමියන්,මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නා හිමියන්, ගංතුනේ අස්සජි අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහ නා හිමියන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය, කතානායක මහින්ද යාපා අබේවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (9)

‘හරිත ටී.වී’ නාලිකාවේ විකාශන කටයුතු ඇරැඹෙයි

බද්රානි Wednesday, 31 March 2021 09:54 AM

"හරිත ටීවී" ඒ නම ඇහෙද්දී අර කොහෙන්ද මන්දා හිනා යනවා අපට? ලොකුවට ටීවී නාලිකා වලට සුන්දර නම් දාගෙන මෝඩ ජනතාව අැන්දුවාට, කළ පව් නම් ගෙවෙන එකක් නැහැ සසර පුරාවටම. දැනටමත් ලැජ්ජා නහර කපාගෙන ඉන්න අය ගැන නම් ලැජ්ජාව වෙනුවට ඇතිවෙන්නේ හිරිකිතයක්...

:       17       49

දිමුත් Wednesday, 31 March 2021 10:15 AM

ගහක කොළක වටිනාකම කියලා දෙන නාලිකාවක් නම් හොඳයි.

:       2       31

NMWednesday, 31 March 2021 09:09 PM

කෘෂි, වාරි හා ධීවර ක්‍ෂේත්‍රයන්හි නියුතු වූවන්ගේ ආකල්ප වෙනසක් තුළින් ඔවුන් ආලෝකය වෙත ගෙනයාමේ අරමුණ ඇතිව කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය මගින් ආරම්භ කරන ලද ‘හරිත ටී.වී’ ( The Nature TV ) ස්වභාදහමේ නාලිකාව දේශපාලන වැඩසටහන් වලින් තොරවිය යුතුවේ. ඉතාම කාලෝචිත වටිනා අදහසක් ක්‍රියාවට නැංවීම පිළිබදව සුබපතමු.

:       0       1

ase Wednesday, 31 March 2021 10:16 AM

නිර්මල දර්ශනය විනාශ කරලා දැන් රටේ බෝග විනාශ කරන කටින් බතල වවන නාලිකාවක්ද? නැත්නම් වන විනාශය නැති බව පෙන්වා දෙන්න යනවාද?

:       14       31

Vipula Wednesday, 31 March 2021 10:19 AM

නාලිකාව හොඳ බව ඉන්න අයගෙන් පේනවා...!!! 

:       7       28

Ranjith Wednesday, 31 March 2021 11:06 AM

එහෙන් කපන්න ඉඩදීලා මෙහෙන් වවන්න උදව් කරනවා. පොතේ තිබුනෙත් ඔය විදිහට වැඩ කරනවා කියලද දන්නේ නෑ.

:       8       27

සේනක Wednesday, 31 March 2021 11:39 AM

ටීවී එකෙන් වවන්නයි යන්නේ. ටීවී එකෙන් සංරක්ෂණය කරනවා වගේ.

:       8       24

Nuwan Wednesday, 31 March 2021 01:01 PM

ඔය නාලිකාවත් කපලා දාවිද දන්නේ නැහැ.

:       0       0

කේ බී ආර් සමරසිංහ Thursday, 01 April 2021 02:36 AM

සුබ පතමි අඳුරේ අතපත ගාන අපේ පාලකයන්ට මග පෙන්වන්න තවත් මෙවැනි ව්‍යාපෘති බිහිවේවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 691 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17841 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site