
(සුජිත් හේවාජුලිගේ)
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් බන්ධනාගාර දේපළ වලට සිදුවූ හානිය සොයා බැලීමට කමිටුවක් පත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් එම විමර්ශනය පැවැත්වෙනබව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒසී ගජනායක මහතා පැවසීය.
මෙම පරීක්ෂණ කමිටුව මගින් ගැටුමට හේතුවූ කරුණු මෙන්ම ඉන් බන්ධනාගාර දේපළ වලට සිදුවු හානිය පිළිබඳවද සොයා බලනු ඇත.
ගැටුම අවස්ථාවේ බන්ධනාගාර දේපළ රැසකට හානි සිදුව ඇත. රැඳවියන් ලියාපදිංචි කිරීමේ ලිපි ලේඛන ඇතුළු ලේඛන රැසක්ද විනාශ වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේ ය.
පසුගිය 6 වැනිදා ඇතිවූ එම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරිහු 8 දෙනෙක් හා රැඳවියෝ 21 දෙනෙක් මිය ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd